විශ්මය දනවන චලනයවන සිතුවම්


මිනිසාගේ සිතුම් පැතුම්වලට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් ඇති කළ හැකි කලාවන් රාශියක් අතරට එක් වුණු තවත් එක් කලාවක් ලෙස චිත්‍ර කලාව හැඳින්විය හැකියි.හිස් පත්තිරක මැනවින් කැටි කොට නිමවුණු වර්ණ , හැඩතල , රේඛා සංකලනයක් ඔස්සේ මිනිස් සිත නිරායාසයෙන්ම නොයෙක් පැතිකඩයන් වෙත යොමු කරවන මේ විශ්මිත කලාව රටින් රටට , සංස්කෘතියෙන් සංස්කෘතියට , කාලයට අනුව පෝෂණය වෙමින් ගලා ගෙන යනවා.

                                   සන්නිවේදන මාධ්‍යක් ලෙස භාෂාව බිහි වීමට ප්‍රථම ප්‍රාග් ඓයිතිහාසික යුගයේදී මෙම චිත්‍ර නිශ්චිත උපකරණ හෝ මෙවලම් භාවිතයකින් තොරව සත්ව රුධිරය , මැටි , ගස්වල කොළ , පොතු වැනි ස්වභාවික ද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණය වී තිබෙනවා.කෙසේවෙතත් ගුහාවලින් ආරම්භ වූ මේ කලාව වර්තමානය වනවිට ඩිජිටල්කරණය දක්වාම වර්ධනය වීම හරහා සෑම ක්ෂේත්‍රයක්ම තම ග්‍රහනයට නතු කොට ගෙන තිබෙනවා.

                                විවිධ සම්ප්‍රදායන් , කලා ශිල්පීන් තුළින් ලොවපුරා නිර්මාණය වුණ , අතිවිශාල මිල ගණන්වලට අලෙවි වුණ වගේම අතිශය කතාබහට ලක්වුණු සිතුවම් ද බොහොමයක් තිබෙනවා.16වැනි සියවසේදී ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද මොනාලිසා චිත්‍රය ඒ අතර ප්‍රධාන තැනක්  හිමිකර ගෙන තිබෙනවා.චිත්‍රය තුළ සැඟවුණු සංකේත , සිනහව ආදී කරුණු හේතුවෙන් ප්‍රකටව තිබෙන මේ චිත්‍රය වටා විවිධ මතිමතාන්තර ගොඩනැගී තිබෙනවා.

                                    සාමාන්‍යයෙන් සිතුවමක් ලෙස සැලකෙන්නේ යම්කිසි නිශ්චල දර්ශණයක් හේතුවෙන් එම රූපරාමුවල කිසිඳු චලනයක් බලාපොරොත්තු විය නොහැකියි.නමුත් එසේ නොවුණු චලනය වන අසාමාන්‍ය චිත්‍රත් මේ ලෝකය තුළ තිබෙන බව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි.අද මේ ලිපිය තුළින් ඔබට තොරතුරු රැගෙන එන්නේ අහඹු ලෙස හෝ කැමරා කාචවල සටහන් නොවුණා නම් කිසිදා විශ්වාස කළ නොහැකි චලනය වන අබිරහස් සිතුවම් කිහිපයක් පිළිබඳවයි.

                                ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ගල්වර්ස් නමින් හඳුන්වන හෝටලයකින් මෙවන් චලනය වන චිත්‍රයක් පිළිබඳව වාර්තාවනවා.ඇමරිකානු විප්ලවය සමයේ එම සෙබලුන්ට උදව් උපකාර කළ ස්පාඤ්ඤ ජාතිකයකු වන " බර්නාඩෝ ඩී. ගල්වර්ස් " මෙම චිත්‍රය තුළින් නිරූපණය වනවා.මේ හෝටලයේ සේවකයන් වගේම පැමිණෙන අමුත්තන් පවා මේ චිත්‍රයේ ඇස් මිනිස්සු එතැනින් යනවිට එම දිශාවට හැරී බලන බව පැවසෙනවා.

                                 ගල්වර්ස් ජීවත්ව සිටි සමයේත් අවසරයකින් තොරව ඡායාරූප ලබා ගැනීමට තහනම් වූ මෙහි අදටත් අවසරයකින් තොරව ලබා ගන්නා ඡායාරූප සම්පූර්ණයෙන්ම බොඳවී යන බව සඳහන්වනවා.කොහොම වුණත් එක්තරා පිරිසක් අධි තාක්ෂණික උපකරණ පවා රැගෙන විත් කිසිඳු අවසරයකින් තොරව මෙම චිත්‍රය රූපගත කර තිබෙනවා.නමුත් ඒ කිසිම ඡායාරූපයක චිත්‍රයේ මුහුණ පෙනෙන්නට තිබී නැහැ.ඒ නිසාම මේ සිතුවමත් චලනය වන සහ තවත් අද්භූත දේවල් සිදුවන චිත්‍රයක් ලෙස ප්‍රකටවනවා.

                                     මේ ආකාරයේ බොහොම ප්‍රසිද්ධ සිතුවමක් ලෙස " The Anguished Man " සිතුවම ද සැළකෙනවා.තම මිත්තනියගේ මරණයෙන් පසුව ෂෝන් රොබින්සන්ට හිමිවන මෙය වසර 25ක කාලයක් පුරා තම මිත්තනියගේ නිවසේ අට්ටාලයේ තිබූ බවත් එය බෙහෙවින් නපුරු චිත්‍රයක් බවත් ෂෝන් පවසා තිබෙනවා.

                                       වාර්තා වන ආකාරයට මෙම චිත්‍රය නිර්මාණය කළ තැනැත්තා ඒ සඳහා බෙහෙවින් භාවිත කර තිබෙන්නේ තම රුධිරයයි.මෙම සිතුවම සම්පූර්ණ කිරීමත් සමඟම මියගොස් තිබෙන ඔහු සියදිවි නසාගත් බවටත් මතයක් තිබෙනවා.කෙසේවෙතත් මෙහි නිරූපණය කොට තිබෙන්නේ වේදනාවෙන් කෑගසන හිස මුඩු කළ පිරිමි පුද්ගලයකුගේ උඩුකය කොටසක්.

                                   මිත්තනියගේ මරණයෙන් අනතුරුව මෙම සිතුවම තම නිවසට රැගෙන ආ පසු විවිධ ශබ්ධ ඇසීමට පටන් ගැනීම නිසා ඔහු මෙම සිතුවම සහිත කාමරයේ කැමරා සවි කර කරනවා.දවස් 04ක් කිසිවක් සිදු නොවුනත් 05වෙනි දින කිසිඳු හේතුවකින් තොරව සිතුවම පෙරලී යාමත් සමඟම සුදු පැහැති ඡායාවක් බිත්තියේ සටහන්ව අතුරුදන්ව තිබෙනවා.අවස්ථා ගණනාවක දීම මේ පිළිබඳව සොයා බලන ෂෝන් 2011 දී හොල්මන් පින්තාරු කිරීම් " The Anguished Man " ලෙස යූ ටියුබ් වීඩියෝවකුත් අන්තර්ජාලයට මුදා හරිනවා.පැය 08ට ආසන්න කාලයක් පටිගත කර තිබෙන මෙහි දොරවල් තනිවම ඇරෙන් වැසෙන දර්ශන , සීරීම් හඬ ආදී විකෘති ශබ්ද රැසක් ඇසෙන බවත් පැවසෙනවා.

                                     මීට අමතරව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ශාන්ත චාබෙල් පල්ලියේ තිබෙන කන්‍යාමරියතුමියගේ චිත්‍රය , Love Letter ආදී සිතුවම්ද මෙවන් චලනය වන සිතුවම් ලෙස සැළකෙනවා.ඇත්තටම මේ චිත්‍ර චලනය වෙන්නේ කොහොමද?මිනිස් මනසට ගෝචර නොවන මෙවන් සිදුවීම්වල සත්‍ය මිනිසාට කවදාක නම් වටහා ගැනීමට හැකි වේවිද? 


සාකච්ඡාව මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060






Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2