"ජාත්‍යන්තරය ජයගත හැකි සුහුරු අධ්‍යාපන ක්‍රමයක් මේ රටට වහාම අවශ්‍යයි. ඒ වගකීම භාරගන්න අපි දැනටමත් සූදානම්" - සද්ධර්මාකර ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය -


උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයින් මෙන්ම හැකියාව ඇති සෑම පුරවැසියෙකුම රට හැර යන්න උත්සාහ දරන මෙවන් යුගයක ජාත්‍යන්තර පාසල්වලට හිමිවෙන්නෙ පෙර නොවූ විරූ අවධානයක්. ලාභය මුඛ්‍ය අරමුණ කරගෙන අති විශාල මුදලක් දෙමව්පියන් වෙතින් අයකර ගනු ලබන ජාත්‍යන්තර පාසල් රැසක් රට පුරා දැනටමත් ව්‍යාප්ත වී තිබේ. එවන් යුගයක ලාභ ලැබීම පසෙක ලා දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහාත් විනයගරුක හා බොදු පිළිවෙත් සුරකින දැහැමි දරු පරපුරක් හෙට ලොවට දායාද කිරීම සඳහාත් විශේෂයෙන් ආරම්භ කරන ලද  බෞද්ධ  පාසලක් පිළිබඳව අද අපි කතා කරමු.

 

මුලින්ම වසර 120කට වැඩි  ඉතිහාසයක් තිබෙන පින්වත්ත සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන ගැන කතා කරමු.

 

පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන කියන්නෙ බොහොම ප්‍රසිද්ධ පිරිවෙනක්.  මෙය  ආරම්භ වන්නේ 1900 දි පමණ. අද වනවිට වසර 123ක් ගතවෙලා තියෙනව. මේ කාලය තුළ පැවිදි ගිහි විද්වතුන් අති විශාල ප්‍රමාණයක් රටට සහ ලොවට දායාද කරල තියෙනව. වර්තමානයේදි මෙහි කෘත්‍යාධිකාරී හිමියන් ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද අනුනාහිමියන්. ඒ වගේම පිරිවෙන් පරිවෙනාධිපති ධූරය දරන්නේ පූජ්‍ය තෙරුන්නාන්සේගම නන්ද හිමියන්. උන්වහන්සේලා දෙපලගේ අනුශාසකත්වයෙන් හා නායකත්වයෙන් අද වනවිට පිරිවෙන දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන තියෙනව.අධ්‍යාපනය,කලා කටයුතු, ක්‍රීඩා කටයුතු වගේම සංස්කෘතික හා සාමාජීය කටයුතු තුළින් යෝද ජයග්‍රහණයන් රැසක්  මේ වනවිට ලබාගෙන තියෙනව.

විශේෂයෙන් පරිවෙනාධිපති තෙරුන්නාන්සේගම නන්ද හිමියන් කියන්නෙ අති දක්ෂ තරුණ හිමි නමක් .උන්වහන්සේගේ දැක්මට අනුව සම්ප්‍රදායෙන් මිදිල නූතනත්වය සමඟ අත්වැල් බැඳන් ජාත්‍යන්තරය කරා යන සංක්‍රාන්ති සමයක් තමයි දැන් උදාවෙලා තියෙන්නෙ.

 

 සද්ධර්මාකර ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය ගැන යමක් කියනව නම්.

 

ඒ ගැනත් මම පැහැදිලි කරන්නම්. ඇත්තටම විද්‍යායතන පිරිවෙනක් කියන්නෙ පැවිදි ගිහි දෙපාර්ශවයෙම සිසුන් එකට අධ්‍යාපනය ලබන ආයතනයක්. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදෙන විෂය මාලාවම  තමයි පාසල වගේම පිරිවෙන තුළ ක්‍රියාත්මක වෙන්නෙත්. ඒක ඇතුලෙ පිරිවෙන තුළ විශේෂයෙන් ක්‍රියාත්මක කළ යුතු සම්ප්‍රදායන් වගේම නීති රීතිත් තියෙනව. රජයේ ගුරුවරු ,පෙළ පොත් සහ තව බොහෝ දේ තියෙනව රජයෙන් ලබාදෙන. ඒ වගේම තව බොහෝ දේවල් තියෙනව පිරිවෙන මඟින්ම සපයාගත යුතු දේවල්.

පසුගිය වසරෙදි අපි තවත් තීරණාත්මක කඩයිමකට අවතීර්ණ වුනා. ඒ තමයි පිරිවෙන තුළ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපන ඒකකයක් ආරම්භ කිරීම.නියමු ව්‍යාපෘතියක් විදියටයි අපි මේක පටන් ගත්තෙ. ඒ ව්‍යාපෘතිය අපි හිතුවටත් වඩා සාර්ථක වුනා. ප්‍රදේශවාසීන්ගෙත් විශාල උනන්දුවක් ඇති වුනා. තම ගැහැණු දරුවන් පවා පිරිවෙනේ ඉංග්‍රීසි මාධ්‍ය ඒකකයට ඇතුළත් කරන්න බොහෝ දෙමාපියන් උත්සාහ කළා.

නමුත් මම මුලින් සඳහන් කළා වගේ පිරිවෙන්වලට බලපාන ඇතැම් නීති රීති සහ සම්ප්‍රදායන් තියෙනව. ඉන් එකක් තමයි සිසුවියන්  ඇතුළත් කිරීමට නොහැකිවීම. එවන් තත්වයන්ගෙන් මිදෙන්න නම් අපිට පිරිවෙන් රාමුවෙන් මදක් ඔබ්බට යන්න ඕන. අලුත් වෙන්න ඕන. අලුතින් හිතන්න ඕන. අලුත් පාරවල් සහ විකල්ප විසඳුම්වලට යන්න ඕන.

ඒ අනුව පරිවෙනාධිපති හිමියන් ඇතුළු පිරිවෙන් පාලක සභාව තීරණය කළා පිරිවෙන් පරිශ්‍රය තුළම අලුතින් ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් ආරම්භ කරන්න.ඒ අනුව තමයි සද්ධර්මාකර ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය ආරම්භ වෙන්නෙ. හැබැයි ඒ තවත් එක ජාත්‍යන්තර පාසලක් විදියට නෙවෙයි. අලුත් දැක්මකට අනුව යන පාසලක් විදියට. නව්‍ය සංකල්පයකට අනුව යන පාසලක් විදියට. ඒත් එක්කම පිරිවෙනක් විදියට අප මෙතෙක් කල් ආරක්ෂාකාරීව අරන් ආපු අපේ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියට.

 


ඔබතුමා අලුත් සංකල්පයක් ගැන සඳහන් කළා. මොනවද ඒ සංකල්ප   ?

 

ඔබ දන්නවා. මේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ නිදහස් අධ්‍යාපනයක්. බොහෝ කාලයක පටන්. මමත් මේ දක්වා ආවෙ ඒ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නයි. එදා මෙදා තුර ලක්ෂ සංඛ්‍යාත විවිධ  වෘත්තිකයින් සහ විද්වතුන් මේ නිදහස් අධ්‍යාපනයේ බල මහිමයෙන් බිහිවුනා සහ බිහිවෙමින් පවතිනව.

ඒත් එක්කම කියන්න ඕන මෑත ඉතිහාසය තුළ එහි යම් පසුබෑමක් තියෙනව.ඒක නිදහස් අධ්‍යාපනයේ වරදක් නෙවෙයි. අධ්‍යාපන ප්‍රතිපත්තිවල ප්‍රශ්නයක්. පාසල් විෂය මාලාව තුළින් ප්‍රායෝගිකත්වය එන්න එන්නම දුරස් වෙනව. ඒ වගේම යල් පැන ගිය අණ පනත් නිති රීති රාමුවක කොටුවෙලා. ගුරුවරය කොතෙක් දක්ෂ වුනත් ඒ ගුරුවරයගෙන් වැඩක් ගන්න බෑ. දරුවට කොපමණ හැකියාවන් තිබුනත් වැඩක් නෑ ඒ සේරම මොට්ට වෙනව මේ යන ක්‍රමයත් එක්ක.

අපේ දරුවො විශ්වවිද්‍යාලයට යන්නෙ වයස 21දි. අපේ අසල්වැසි ඉන්දියානු දරුවො වයස 21 වෙද්දි උපාධියත් අරන් ඉවරයි. අපෙත් ඇති හැකි පවුල්වල සීමිත දරු පිරිසක් පමණක් ජාත්‍යන්තර පාසල් හරහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ගිහින්  වයස 20 හෝ 21 වෙද්දි ඇවිත් මෙහේ ආයතනවල ඉහල තනතුරුවලට ඇවිත් තියෙනව.

අන්න ඒ වාසනාව හිමිවෙන්නෙ යහමින් මුදල් හදල් තියෙන දෙමාපියන්ගෙ දරුවො අතලොස්සකට විතරයි.

අපි සද්ධර්මාකර ජාත්‍යන්තර බෞද්ධ පාසල ආරම්භ කරන්නෙ විශේෂයෙන්  දුප්පත් දෙමාපියන්ගෙ දරුවන්ටත් ජාත්‍යන්තර අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා නව මාවතක්   නිර්මාණය කිරීම සඳහායි.

ඒ විතරක් නෙවෙයි. අපිට පුලුවන් නීති රීතිවලින් ඔබ්බට ගිහින් වඩාත් ප්‍රායෝගික අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබාදෙන්න්න.

 

වෙනත් ජාත්‍යන්තර පාසලකින් නොලැබෙන මේ පාසලෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ මොනවද  ?

 

එකක් තමයි ගාස්තුවල වෙනස.  අපි වෙනත් පාසල් වගේ ලක්ෂ ගණන් ඇතුළත්වීමේ ගාස්තු අය කරන්නෙ නෑ.

අපේ පාසලට ඇතුළත් කරන කිසිම දරුවෙකුගෙන්  අපි ඇතුළත්වීමේ ගාස්තු ගන්නෙ නෑ.

ආයතනික කටයුතු පවත්වාගෙන යන්න වුවමනා නිසා සුළු මාසික ගාස්තුවක් පමණක් අය කරනව. ඒක දැරිය හැකි ගාස්තුවක්. දරුවන්ගෙ ටියුෂන් වෙනුවෙන් දෙමාපියන් වියදම් කරන ගාස්තුවටත් වඩා අඩු ගාස්තුවක් අපි අය කරන්නෙ. අපේ දරුවන්ට ටියුෂන් යන්න වුවමනා නෑ

අපේ පිරිවෙන මේ තරම් ප්‍රසිද්ධ වෙන්න එක හේතුවක් වුනෙත් ටියුෂන් යාම සපුරා තහනම් වීම. අපේ දරුවො ටියුෂන් ගියෙ නෑ කියල විභාහ ප්‍රථිඵල කඩන් වැටිල නෑ. සෑම වසරකම 100% ක් හෝ 90%ට වැඩි සිසුන් ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ සමත් වෙනව.

 


විෂය මාලාව ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද ?

 

6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ජාතික විෂය නිර්දේශය පූර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ක්‍රියාත්මක වෙනව. ඊට අමතරව Cambridge සහ Edexel විභාග සඳහා පංති පවත්වනව.  පවතින රාමුවෙන් පිට පැනල එකතු කරපු දේවල් ගොඩක් තියෙනව මීට අමතරව.

එකක් තමයි විදෙස් භාෂා අධ්‍යාපන ඒකකයක් ක්‍රියාත්මකවීම. ඒ හරහා අපේ දරුවන්ට 6 ශ්‍රේණියේ සිටම ජපන්,ප්‍රංශ,කොරියානු ආදී විදෙස් භාෂා 3ක් හදාරන්න අව්ස්ථාව ලැබෙන විෂය නිර්දේශයට අනුව.

අනිත් කාරණාව තමයි බෞද්ධ වටපිටාව සහ බෞද්ධ වත් පිළිවෙත්.පාසල් භූමියම  මනරම් බෞද්ධ පරිසරයක්. ඒ තුළ  සුපැහැදිලි නිරවුල් මනසකින් දවස පටන් ගන්න පුලුවන් .

අපි විෂය නිර්දේශයටම භාවනා සහ වෙනත් මනෝ චිකිත්සක ක්‍රම පවා ඇතුළත් කරල තියෙනව.

දිනපතා බුද්ධ වන්දනවට මුල් තැන දෙනව. මම හිතන්නෙ අපේ උදෑසන බුද්ධ පූජාව දෙවෙනි වෙන්නෙ දළදා මාලිගාවෙ පූජාවට පමණයි.

දරුවො තමයි එම පූජාව සකස් කරන්නෙ.විදුහල්පති හිමියන්  දිනපතා පූජාව අධීක්ෂණය කරනව.

ඔව්. ප්‍රාථමික ශ්‍රේණි පවත්වනව. ඒත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අපි කේම්බ්‍රිජ් නිර්දේශය තමයි ක්‍රියාත්මක කරන්නෙ ප්‍රාථමික පංති සඳහා. හේතුව තවමත් රජයේ නිර්දේශය තුළ ප්‍රාථමික පාසල් පවත්වන්නෙ සිංහල මාධ්‍යයෙන් පමණයි. ඒ නිසා අපට සිද්ධවෙනව ඒ අනුව කටයුතු කරන්න. නමුත් සිංහල භාෂාව අපි උගන්වනව.

 

ඉතාම බරපතල සහ අභියෝගාත්මක ප්‍රවේශයක් තමයි ඔබගේ පාසල තෝරාගෙන තියෙන්නෙ. ඒ වෙනුවෙන් ඒ කැපකිරීම ඔබට කරන්න පුලුවන්ද ?

 

ඔව්. අනිවාර්යයෙන්.අපි ඒ කැපකිරීම කළ යුතුමයි.

 

මෙවැනි අභියෝගාත්මක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඔබට තිබෙන හැකියාවන් මොනවද ?

විශේෂයෙන් පලපුරුද්ද අවශ්‍ය වෙනව නේද ?

 

පළමුවෙන් කියන්න ඕන. මෙතන අපි ක්‍රියාත්මක කරන්නෙ සාමූහික ක්‍රියාවලියක්. සාමූහික වගකීමක් අපේ ගුරුවරු හැමෝටම තියෙනව.

මා ගැන කියනව නම් මමත් මේ රටේ ඈත පිටිසර ගමකින් ඇවිත් නිදහස් අධ්‍යාපනය ඔස්සේ ජාතික විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක්. ඊට අමතරව විදෙස් විශ්වවිද්‍යාලයක මගෙ දෙවන හා තෙවන උපාධි හදාරපු කෙනෙක්. මේ දරුවන්ට වගේම විදෙස් දරුවන්ටත් මම උගන්වල තියෙනව. ඒ නිසා ජාත්‍යන්තර තළය තුළ අපේ දරුවො ඉන්න තැන සහ යා යුතු තැන ගැන මට යම් අවබෝධයක් තියෙනව. අන්න ඒ අවබෝධය හා අත්දැකීම් තූළින් මම විතරක් නෙවෙයි තවත් අත්දැකීම් බහුල ගුරුවරුන් රැසකගේ  සහභාගීත්වය තුළින් තමයි අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් වෙන්නෙ.

පාසලේ විදුහල්පති ධුරය දරන්නෙත් සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනෙහි පරිවෙනාධිපති හිමි වන තෙරුන්නාන්සේගම නන්ද හිමියන්. මම මුලින් කීව වගේ උන්වහන්සේ හොඳ දැක්මක් ඇතුව වැඩ කරන භික්ෂු චරිතයක්. උන්වහන්සේ පූර්ණ නිදහස අපට ලබාදීල තියෙනව විෂය මාලා සකස් කිරීමට සහ ඒ දේවල් ක්‍රීයාත්මක කරවන්න.

 

පාසලට සිසුන් ඇතුළත් කරගන්නා නිස්චිත කාලයක් තියෙනවද ?

 

එහෙම විශේෂ කාල වකවානු නෑ. ඕනෑම මොහොතක ඕනෑම දරුවෙකුට පාසලට ඇතුළත්විය හැකියි. නමුත් කවද පාසලට ආවත් ඔහු හෝ ඇය මාසයක පමණ කාලයක් ඉංග්‍රීසි ප්‍රගුණ කළ යුතුයි.ඒ වෙනුවෙන් සකස් කරපු ආකර්ශනීය පාඨමාලාවක් අපේ තියෙනව.කිසිම පාසලක ක්‍රියාත්මක වෙන්නෙ නැති අපටම ආවේණික පාඨමාලාවක්. ඒක හැදෑරුවට පස්සෙ දරුවන්ට ඔනෑම විෂයක් පහසුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්න පුලුවන්.

 

අලුතින් දරුවන් සම්බන්ධ වෙනව නම් කොහොමද අයදුම්පත්‍ර ලබාගන්නෙ?

 

පහත දුරකතන අංක ඇමතීමෙන් ඕනෑම අයෙකුට වැඩි විසතර දැනගන්න පුලුවන්.

0718921036

0752770777

ඒ වගේම සතියේ දිනවල ප.ව. 2.00 දක්වා පාසලට පැමිණ විස්තර අයදුම්පත් ලබාගන්න පුලුවන්.

 

අවසාන වශයෙන් මෙම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස ඔබතුමාට රටට කියන්න, දරුවන්ට කියන්න එහෙමත් නැත්නම් දෙමාපියන් වෙනුවෙන් කියන්න දෙයක් තියෙනවද ?

 

පොදුවේ කියන්නම් හැමෝටම. හැමෝම වගේ මව්‍ රට දාල යන්න සැලසුම් කරන කාලයක් මේ. අර්බුද සමයක්.  එහෙම යන්න හිතෙන අයට ඉන්න හිතෙන රටක් නිර්මාණය කරන්නයි අපි උත්සාහ දරන්නෙ. යන්න කලියෙන් යන්න සුදුසු කෙනෙක් වෙන්න. ජාත්‍යන්තරය දිනන්න පුලුවන්  හොඳම පිටිය අපි සකස් කරල ඉවරයි. ඔබට තියෙන්නෙ ඒ පිටියට ඇවිත් ඔබේ හැකියාවන් විදහා දක්වන්න.

ඉතින් අපි ආරාධනා කරනව පානදුර මොරටුව කළුතර අවට දරුවන්ට දෙමාපියන්‍ට.  එන්න හොඳම තැනට.


සාකච්ඡාව - ඇඩ්මින් e-ceylon.lk

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060









Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2