අලුත් අයට මම කියන්නෙ බෑ කියන අදහස අයින් කරලා ඉදිරියටම යන්න. - ඉරුෂ ද සිල්වා.



ෙවර සුමති සම්මාන උළෙලේ 2021 වසරේ හොඳම ඒකාංගික නාට්‍යට හිමි සම්මානය දිනූ ඔහු ඉරුෂ ද සිල්වා. අද ඔහු එක්ක කතා කරමු. ලොකු ජයග්‍රහණයක් ඔබ ලබාගත්තා. ඒ ගැන කියන්න පුළුවන් අද අපි එක්ක?

ඉස්සර එක දවසක මම  ටීවි එකේ සම්මාන උළෙලක් බලනවා. කොහොමත් මම කුඩා කාලයේ ඉඳන්ම කලාවට ළැදි කෙනෙක්. මම ආසයි ඒ ෆීල්ඩ් එකට. එදා එහෙම බලනකොට ඒකෙ සම්මාන ගන්නවා එක මනුස්සයෙක්. ඔහු නමින් චාමර ජයවීර. නාට්‍යය වෙන්නෙ විදර්ශනා. සම්මාන උළෙල වෙන්නෙ සුමති. වෙන කිසි දෙයක් මතක නෑ ඒක ඔළුවෙ වැඩ කළා. මම මේ ගමන යන්න ඕනෙ. මම සම්මානයක් ගන්න ඕනෙ. ඒක තමයි මට ඕනෙ වුණේ. අද මම ඒක කළා. හරිම සතුටුයි.

 

ඒ අදනෙ. අතීතය මතක් කළොත්?

පස්සෙ කාලෙක මට හිරු එකට එන්න ලැබෙනවා. චාමර ජයවීර මහත්තයව හම්බෙනවා. එයා මට කියනවා නාට්‍යයක් කරන්න මල්ලි කියලා. එහෙම අවස්ථාව හම්බුණාට මම ඇත්තටම ඒ වෙද්දි නාට්‍යයක් කරන හැටි දන්නෙ නෑ.  නිවන්ත ප්‍රසාර එතන ඉන්නවා. "මල්ලි උඹ ගනින් මම ඉන්නවනෙ" කියනවා. ඒ හයිය එක්ක මම වැඩේ ආරම්භ කරනවා.

එහෙම මගේ පළමුවැනි හිරු ටෙලි සිනමා සිත්තම කරන්න පටන් ගන්නෙ මීට අවුරුදු හතරකට විතර ඉස්සෙල්ලා. එදා සිට අද දක්වා දැන් අවුරුදු හතරක් විතර හිරු ටෙලි සිනමා සිත්තම හා හිරු සසර සෙවණැලි මම කරගෙන යනවා.



ඔබේ සම්මානය ලැබීමට අවස්ථාව ලැබුණෙ මේ ලැබුණු අවස්ථා කියලා මම හිතනවා.

ඔව්. එහෙම අවස්ථාවක් නැත්තන් මොන සම්මානද. අපි වගේ අංකුරවලට එළියට එන්න අවස්ථා අඩුයි. නාට්‍යය කරන්නෙ සල්ලි වියදම් කරලා. ලංකාවේ අංක එකේ තියෙන චැනල් එකේ සති අන්තයෙ විකාශය කරන්නත් ලැබුණු එකම කොයිතරම් අවස්ථාවක්ද?  රටේ ඒ වගේ අවස්ථාවක් කාටද ලැබෙන්නෙ..


ඒ තරම් අවස්ථා ලැබුණු ඔබේ පාසල් අවධිය හා කලාවට සම්බන්ධ වූ කාලේ ගැන?

මම කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබන්නෙ. පාසලේ ජනමාධ්‍ය කවයේ ක්‍රියාකාරි සාමාජිකයෙක් ලෙස 2008, 2009 කාලෙ මම දීප්තිමත් ශිෂ්‍යයෙක්. ඒ කාලෙ හඬකැවීම් අංශයේ අන්තර් පාඨශාලායීය ප්‍රථම ස්ථානය ලැබුවා. එය තමයි මගේ මාධ්‍ය ජීවිතයේ ප්‍රථම ජයග්‍රහණය. නාට්‍ය හා රංග කලාවෙන් ජයග්‍රහ ලබා ගෙන තියෙනවා. මම මාධ්‍යයට එනවා කියන දේ මම පාසල් කාලෙම තීරණය කරගෙන හිටපු කෙනෙක්.


මාධ්‍ය ජීවිතයේ ආරම්භය?

මම මුලින්ම සිරස මාධ්‍යජාලයේ වැඩසටහන් නිෂ්පාදන සහයකයෙක් ලෙස වැඩ කරන්න තමයි සම්බන්ධ වෙන්නෙ. අවුරුදු 20 වගේ වෙනකොට මම මේ ක්ෂේත්‍රයට එනවා. පසුව මගේ දක්ෂතා නිසා මාව නිෂ්පාදකවරයකු ලෙස උසස් කරනවා. සිරස ආයතනයේදී මම 'පැදුර' වැඩසටහන වෙනුවෙන් මගේ පළමු සම්මානයක් හිමිකරගන්නවා ජූරියේ විශේෂ සම්මනයක් හිමිවෙනවා වැඩසටහන අධ්‍යක්ෂණයට. ඒ කාලෙ මට ඉලක්කයක් තිබ්බා සිරස සුපර් ස්ටාර් වැඩසටහනක් කරන්න. ඒ හීනය මම සැබෑ කරගන්නවා සිරස සුපර් ස්ටාර් සීසන් 07 නිෂ්පාදනය කරනවා, සිරස ෆිල්ම් ස්ටාර් අධ්‍යක්ෂණය කරනවා. එහිදී සිරස සුපර් ස්ටාර් වැඩසටහන රයිගම් සම්මාන උළෙලට නිර්දේශ වෙනවා. එතනින් පස්සෙ මම සම්බන්ධ වෙනවා හිරු නාළිකාවට. ඉන් පසුව තමයි මම ඒකාංගික ටෙලිනාට්‍ය වෙත සම්බන්ධ වෙන්නෙ.


අද මේ ගමනෙදි අලුත් අයට හා ක්ෂේත්‍රයේ ඉන්න අයට කියන්න දේවල් ඇති?

අපේ මිනිස්සු හැමවෙලාවකම අනිත් අය එක්ක කම්පෙයාර් වෙන්න බලනවා ඒක වෙනස් කරගන්න. තමන්ගෙ දෙයක් කරන්න. තමන්ට හිතෙන දේ කරන්න. මගේ අදහස ඉන්දියන්, බොලිවුඩ්, කොලිවුඩ් වෙන්න ඕනෙ නෑ. අපේ අය, අපි වුණාම හරි. හැමතිස්සෙම අපේ අය හිතනවා අපිට බෑ, අපි ඉන්නෙ පහළින් කියලා. එහෙම දෙයක් නෑ. අලුත් දේවල් ඉගෙන ගන්න. ත්හදා බලන්න. ෆේස්බුක් ගියත් අපේ අයට අපේ අයමයි හිනා වෙන්නෙ. එහෙම විය යුතු නෑ. අනෙක් අය අගය කරන්න පුරුදු වෙන්න. අගය නොකත් විවේචනය කරන්න, පහත් කරන්න යන්න එපා. අනික අපේ ඉතිහාසය අපේ ළමයින් දැනගන්න ඕනෙ. නව පරපුර තේරුම් ගන්න ඕනෙ. එය හණමිටි අදහස් නෙවේ. ප්‍රායෝගික විය යුතුයි. ඒත් කෘතිය තුළින් පුද්ගල පෞරුෂය නිර්මාය කරනවා කියලා මම හිතනවා. අපේ ස්පිරිට් එක එතන තියෙන්නෙ. ඒක නැති කරගන්න. දැන්වත් වෙනස් වෙන්න. අපිට බෑ කියන එක අයින් කරලා ඉස්සරහට යන්න.


ස්තූති කරන්නත් බොහෝ පිරිසක් ඇති?

මේ සම්මානය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාට උපහාරයක් ලෙස නම් කරනවා මම. හේතුව ඒ අර්ථාන්විත මඟ පෙන්වීම සහ නායකත්වය වෙනුවෙන්ම. ඒ වගේම ගරු වින්සන්ට් සිල්වා මහතාගේ මැදිහත් වීම සහ හරයාත්මක මඟ පෙන්වීමත් අතිශය වැදගත්.

මාව විශ්වාස කරලා මේක කරයි කියලා කරන්න දීපු, ඒ විතරක් නෙවෙයි අඩියක් පස්සට ගන්න හිතද්දි ඉස්සරහටම යවන, ඇස්පිය ගසන සැණෙකින් යමක් අවබෝධ කරගෙන අතිශය වේගවත් චින්තන රටාවක් එක්ක වැඩ කරන්න මාව හුරු කරවපු  විරාජ් වැලිවත්ත මහතාටත් බොහෝම ස්තූතියි. ඒ වගේම මගේ නාට්‍ය ගුරුතුමා නිවන්ත ප්‍රසාර මහතා, පොඩි වුණත් ගොඩක් දේවල් ඉගෙන ගත්තු කස්සා, චාරක බටුවත්ත, මලින්ද හීදැල්ලආරච්චි ඔබ සැමටත් තුති පුදන්න මම අමතක කරන්නෙ නෑ.


මිනිස්සු හීන දැක්කට ඒ හීන හැබෑ කරන්න මිනිස්සු ඉන්නම ඕනෙ. ඒ හින්දා මේ සම්මානේ මබට විතරක් අයිති දෙයක් නෙවේ කියලා ඔබ කීවා. ඒ පිරිස ගැන කීවොත්?

කැමරා අධ්‍යක්ෂ තරිඳු ධනංජය,  බ්‍රයන්, අමිල අසංක, මාත් එක්ක මුල ඉඳලම හිටපු සම්පත් ප්‍රදීප්, දම්මා, චන්දන අමරසිංහ, මනෝජ්, සුරාජ්, අරුණ නැතුව මම කොහෙද නාට්‍යයක් කරන්නෙ කියලා මම ඕනෙම තැනක කියනවා. තිනේෂ්, ධනංජය, මනෝජ් හැමෝම මතක් කරන්න ඕනෙ. ඒ වගේම සුදා සම්පා..

වේශ නිරූපණ ශිල්පී කෝසල ගේම මගේ පළමු අඩියේ සිට හිටපු හිටපු ජනා, අමිල හැමෝම. ආරියවංශ කුලතිලක, නිදුක් මධුෂික, තනුජා ලුම්බිණි සහ තිළිණි ජයවීර වගේම මැණිකේ ඔබ සැමටත් ගොඩක් ස්තුතියි.

මලින්ද, අකලංක, උපාලි, නාමල් අයියා, චලිත, සුමේධ අයියා, ඉන්දු බණ්ඩා, බණ්ඩා, සම්පා, ගාල්ලෙතුල, චතුර මල්ලි, සිත්මිණ, වගීෂ විතාන, වත්තා, ඩිල්ශාන් අමරසිංහ, ජීවන්ත, හිරණ්‍ය, නිපුණ වගේම නම් කියන්න බැරි වුණු මට වචනෙකින් හරි උදව් කළ සැමටම ස්තූතියි .

මේ හැමෝම වගේම අම්මා, තාත්තා, මගේ ආදරණීය බිරිය චමෝදිට ස්තුතිවන්ත වෙනවා වගේම සහ මගේ ජීවිතයෙන් මම ලබපු සම්මානය මගේ දුව ඔනෙතිවත් මතක් කරන්න ඕනේ. ඔයාලා නැත්නම් මම අද මෙතන නෑ….


සාකච්ඡාව තෙරුණි ද සිල්වා

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060













 

 

Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2