නාට්‍ය අධ්‍යක්ෂණයට එනවනම් දැනුමෙන් පෝෂණය වෙලා එන්න. - චාගි වගීෂ විතාන

හු නමින් චාගි වගීෂ විතාන. වෘත්තියෙන් අධ්‍යක්ෂවරයෙක්. මෙවර පැවැති රයිගම් සම්මාන උළෙලේ 2020 වසරේ විශිෂ්තම ටෙලි චිත්‍රපටය හා 2021 වසරේ විශිෂ්තම ඒකාංගික නාට්‍ය නිර්දේශිත නාමයන් අතර රැඳෙමින් ක්ෂේත්‍රයේ ඇගයුම් ලබන ඔහු සමග කතා කරමු.

කුඩා කාලයේ මතක අලුත් කරන්න කැමති ඇති මුලින්ම?

ඇත්තෙන්ම ඔව්. මම අදටත් ආදරෙයි මගේ අතීතයට. මඅධ්‍යක්ෂවරයෙක්. සහෝදරියන් දෙදෙනකුගෙන් යුතු පවුලක බාලයා වුණේ මම. මාතර, කොටවිල, කඹුරුගමුව මගේ ගම. ප්‍රාථමික අධ්‍යාපනය මාර කොටවිල මහා විද්‍යාලයේ, උසස් අධ්‍යාපනය මාර තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ.

මට කුඩා අවධියේ සිටම කලාව අලුත් දෙයක් වුණේ නෑ.  කලා පවුලක එක් පුරුකක් කීවොත් නිවැරැදියි. තේවිස් ගුරුගේ, රවීන්ද්‍ර ගුරුගේ මගේ පවුලේ අය. පොඩි අවධියේම ගුවන් විදුලි සංස්ථාවරුහුණු සේවයේ 'මල් මල් වාරම්' වැඩසටහනේ  සාමාජිකයෙක් වෙන්න මට අවස්ථාව ලැබුණා ඒ ආභාසය නිසාම. එදා ආ ගමන් මගේ අද මම රූපවාහීනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්.  



කලා ක්ෂේත්‍රයට පැමිණීම ගැන කීවොත්?

ඉන්ජිනේරුවකු හෝ වෛද්‍යවරයකු වීමේ හීනයක් තමයි මට තිබ්බේ. එහෙම හිටපු මාව කලා ක්ෂේත්‍රයට පැමිණීමම අහම්බයක්. මම කොළඹට එන්නේ 2004දී. එහිදී මුලින්ම තාරක අධිකාරි මහතාගේ ආරාධනයෙන් අංග රචන ශිල්පියකු  මම කලාවට සම්බන්ධ වෙන්නේ නළුවෙක් වෙන්න ඕනෙ කියන බලාපොරොත්තුවෙන්. එහිදී මම Makeup Artist කෙනෙක් ලෙස වැඩ ඉගෙන ගන්නවා. ඒ අනුව මම සිරස මාධ්‍ය ජාලයේ අංගරචන ශිල්පියෙක් බවට පත්වෙනවා.

ඒ කාලයේ ඉඳලම මම වේදිකා නාට්‍ය බලනවා, කලාවේ විවිධ ක්ෂේත්‍රයන් ගැන මම ස්වයං අධ්‍යයනයක යෙදෙනවා. ඒ ගමන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ පාඨමාලාව හදාරනවා. ඊට අමතරව ටෙලිවීව් ආයතනය,  වෘත්තීය  තාක්ෂණ විශ්වවිද්‍යාලයේ, ලලිත් ඇතුලත්මුදලි ආයතනයේ ත්‍රිමාණ සජීවීකරණය වැනි විවිධ ක්ෂේත්‍රයන් ගැන අධ්‍යාපනයේ යෙදෙනවා. දැනුමින් පරිපූර්ණ වෙමින් කාලයත් එක්කම මම අංගරචන ශිල්පයට සමු දෙමින් සහය නිෂ්පාදකවරයෙක් ලෙස හිරු මාධ්‍ය ජාලයට සම්බන්ධ වෙනවා.  



මේ වනවිට ඔබේ ක්ෂේත්‍රය ගැන?

මම දැනට වාර්තාමය වැඩසටහන් හා  ටෙලිනට්‍ය, ටෙලිෆිල්ම් අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම නරඹන හිරු ටෙලි සිනමා සිත්තමේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනවා.

සෙවණැලි, ගැජට් ප්‍රෝ, වැනි වැඩසටහන් රාශියක් මම අධ්‍යක්ෂණය කළ වැඩසටහන්. ඉදිරියටත් තවත් එවැනිම වැඩසටහන් රාශියක් හා හිරු ටෙලි සිනමා සිත්තම සමග වැඩකටයුතු රාශියක් තිබෙනවා.

ටෙලි සිනමා සිත්තම කියන්නේ ඒකාංගික කතා මාලාවක්. මේ වන විට මෙගා නාට්‍ය වේදිකා නාට්‍ය වැනි විවිධ ප්‍රභේද තියෙනවා. ඒ අතරින් ඒකාංගික නාට්‍ය වෙනස් වෙන්නේ කොහොමද?   

මිනිස්සු කාර්යබහුල වෙලා. එක දෙයක් වෙනුවෙන් කාලය වෙන් කරන්න අමාරුයි දැන් මිනිස්සුන්ට. අපි හිතමු පෝය නාට්‍යයක් කියලා. ඒක බලපු කෙනා ඒක දැනුණොත් එදාම ඒක විඳලා, ඒකෙ කියන දෙයක් තිබෙනවනම් තේරුම් අරගන්නවා. එය ඉවර කරනවා. රාජකාරි, කාර්යබහුල තත්ත්වයත් එක්ක ඒකාංගික නාට්‍යයකින් දෙයක් කෙනෙක්ට දෙන එක ලේසි. ඒක තමයි මම දකින ලොකුම වෙනසත් පැයක් විනාඩි 40ක් ඇතුළත නිර්මාණය රස විඳින්න, අවශෝෂණය කරගෙන ඒ ගැන අදහසක් ලබා දෙන්න පුළුවන්.



ඒකාංගික ටෙලිනාට්‍ය කෙරේ ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම කීවොත් අපි ළඟම ඉන්න අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව හිරු සසර සෙවණැලි ගත්තොත් එය කතා මාලාවක් නිසා ඒ වෙනුවෙන් බලාගෙන හිඳිමින් ඒ පිළිබඳ හනරක කියන පිරිසකුත් ඉන්නවා. මේ වෙනකොට සමාජ මාධ්‍යජාලා හරි දියුණුයි. අපි සමාජ මාධ්‍ය වෙත නාට්‍ය යොමුකරනවා. එතුළින් පිරිසක් නිර්මාණය වෙලා ඉන්නවා. එහි විශේෂත්වය ඒ මොහොතෙම අදහස් කමෙන්ටුවක් ලෙස ලබා දෙන්න පුළුවන්. ඒ තුළින් හොනරක කියන පිරිසක් ඉන්නවා. අගය කරන කොට්ඨාසයක් ඉන්නවා. අඩුපාඩු පෙන්වා දෙන හොනිර්මාණ රසවිඳින පිරිසක් මේ වෙනකොට ඉන්නවා අපිට. මිනිස්සුන්ට දැනෙන නිසා තමයි අකුරු 10ක් 15ක් ටයිප් කරන්න පිරිසක් ඉන්නේ ඒක හදවතට දැනුණු නිසා. මිනිස්සුන්ගේ නාඩියට දැනෙන තැන් අපි දැකලා තිබෙනවා ඒවා සමාජජාලා තුළ ප්‍රසිද්ධ වෙන.



සමාජ ජාලා කලාකරුවන්ට හොවේදිකාවක් වෙලා තිබෙනවා නේද?

ඔව් ඇත්තටම. මිනිස්සු කාර්යබහුලයි. අනෙක් දේ විදුලි අර්බුදය හා ආර්ථික ප්‍රශ්න නිසා කතාමාලා රූපවාහිනියෙන් බලන්න බැරිවෙන අය ඉන්නවා. එයාලා සමාජ මාධ්‍යජාලා තුළින් තමයි නාට්‍ය රස විඳින්නේ. ඒක අපිට හරි වටිනවා. රූපවාහිනියට යොදන කාලයට වඩා මිනිස්සු ඉන්නේ සමාජජාලාවල. එය අවසන් වෙන්නේ නෑ. නැවත බලන්න පුළුවන්. ඒ මොහෙතෙම අපිට අදහස ලබා ගන්න අපිට පුළුවන්. ඒ ප්‍රතිචාරය අධ්‍යක්ෂවරයකු, නළු නිළික්, අංග රචන ශිල්පියකු, ගායක ගායිකාවන් හෝ වේවා ඕනම කෙනකුට ඒ දේ හරිම වටිනවා. ප්‍රතිචාර එසැනින් ලබා ගන්න පුළුවන් වෙනවා. 

රූපවාහිනිය තුළ අපිට ඇගයුම්, සම්මාන ලබාගන්න කාලයක් ඉන්න වෙනවා. ඒත් සමාජජාලාවලින් අපිට සමහර නාට්‍යවලට කමෙන්ට්වලින්, ඒ අදහස් වලින් සම්මානය දවසින් දෙකෙන් ඒ මොහොතෙම ලැබෙනවා. ඒක ලොකු වටිනාකමක් අපි හැමෝටම.



අවසාන වශයෙන් කියන්න දේවල් ඇති?

ඔව්. මම අද කියන්න ඕනෙ මම අද මේ ගමන ආවෙ ලොකු පිරිසක් එක්ක. ඒ වගේම ක්ෂේත්‍රය පිළිබඳව අවබෝධයෙන් හා ඉගෙනුමකින්. ඉතින් මම කැමති මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න අලුත් අයට දැනුමෙන් පෝෂණය වෙලා එන්න. මේ ක්ෂේත්‍රයට එනවනම් විශේෂයෙන් මම මේ එන  අධ්‍යක්ෂවරුන්ට කියන්නෙ හැමෝටම අල්ලන්න බැරි මිනිස්සුන්ගෙ නාඩි අල්ලන්න දුවන අධ්‍යක්ෂවරයෙක් වෙන්න උත්සාහ කරන්න කියලා. එහෙමනම් අපිට ලොකු වැඩක් කරන්න හැකියාව ලැබෙයි.

ඒ වගේම තාක්ෂණික දැනුම අපි අපේ දේවල් වෙනුවෙන් යොදාගමු. මම තව ටික කාලෙකින් මේ ක්ෂේත්‍රයේ තව දැනුම වැඩි කරගන්න හිතාගෙන අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා. ඉන් පසුව නැවත් අපි මුණ ගැහේවි.

ඒත් එක්ක මම මතක් කළ යුතුයි මගේ ආදරණීය දෙමාපියන්  නන්දා හත්තොටුව , පියනන්ද විතාන , මගේ ආදරණීය සහෝදරියන් දෙදෙනා ඉනෝකා ප්‍රියංගනී විතාන , ඉනෝකා සමන්ති විතාන මගේ ආදරණීය බිරිය සොනාලි ලක්ෂිකා සහ ඇයගේ දෙමාපියන් සහෝදරයන් දියණිය රිෂෝනි අකෙන්‍යා  යන පිරිස. අවසාන වශයෙන් ඔහු හිරු මාධ්‍ය ජලයේ සභාපති රෙනෝ සිල්වා මහතා, ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වින්සන් සිල්වා මහතා, වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත මහතා, අධ්‍යක්ෂ නිෂ්පාදන චාමර ජයවීර මහතා, නිවන්ත ප්‍රසාර මහතා, අධ්‍යක්ෂ පසු නිෂ්පාදන ජීවන්ත දේවප්‍රිය මහතා, කැමරා අංශ ප්‍රධානී චන්දන අමරසිංහ මහතා, මාකෙරෙහි විශ්වාසය තබා නත්තල් ටෙලි සිනමා සිත්තම අධ්‍යක්‍ෂය කිරීමට අවස්ථාව ලබාදීම පිළිඳව බෙහෙවින්ම ස්තුතියි. හිරැ ටෙලි සිනමා සිත්තම සාර්ථක කර ගැනීමට සහය දුන් කැමරා අංශයේ සියලු දෙනා කලා අධ්‍යක්ෂ අංශයේ සියලු දෙනා , සංස්කරණ අංශයේ සියලු  දෙනා, නිෂ්පාදන අංශයේ සියලු දෙනා, නම් සඳහන් ක නොක සැමදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.

අනාගතයේ නව නිර්මාණ තුළින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අපි එතුමන්ට සමු දුන්නෙමු

සාකච්ඡාව - තෙරුණි ද සිල්වා 

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060














































Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2