ඔබේ වාහනයට යොදන්නේ ප්‍රමිතියෙන් යුතු ඉන්ධනමද?



පුංචි තිරයේ විකාශය වූ ඇස් , බස් එකේ ඉස්කෝලේ , හිතුවක්කාරයා , මාරුතයට පෙර ආදී නිර්මාණ රැසකින් ඔබ හමුවට පැමිණි බොහොම කඩවසම් තරුණයෙක් තමයි ලසිත් දසනායක.ගායකයෙක් , ගීත රචකයෙක් , දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් වන මේ දක්ෂතා රැසකින් පරිපූර්ණ තරුණයා අධ්‍යාපන ක්ෂෙත්‍රය තුළිනුත් කැපී පෙනෙන දස්කම් දක්වන්නෙක්.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු අංශයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කළ ඔහු තමන්ගේ අවසන් ව්‍යාපෘතිය වෙනුවෙන් අපේ රටට බොහොම වැදගත් සොයා ගැනීමක් සිදුකර තිබුණා.අද අපි ඔහු සමඟ දොඩමළු වන්නේ ඔහුගේ එම ව්‍යාපෘතිය පිළිබඳවයි.

ඉතින් ලසිත් කොහොමද? 

                         ඇත්තටම හොඳින් ඉන්නවා.මේ දවස්වල මගේ උපාධිය ඉවර වුණ නිසා සතුටක් වගේම ලොකු සැහැල්ලුවක් දැනෙනවා.තව මාසයකින් විතර මම පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් විදිහට එළියට එනවා. 

ඔබ අලුත් නිර්මාණයක් කළ බව දැනගන්න ලැබුණා.ඒ ගැන පොඩි හැඳින්වීමක් කළොත්?

                                 නිර්මාණයක් කියන්නේ ඇත්තටම මේක මගේ final year research project එක.පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ  engineer කෙනෙක් විදිහට පාස් අවුට් වෙන්න නම් අපි තනියම research එකක් කරලා පෙන්නන්න ඕන.මම මේ සඳහා තෝරා ගත්තේ පෙට්‍රල් සහ ඩීසල්වල සංයුතිය නිරීක්ෂණය කළ හැකි පහසුකමක් නිර්මාණය කිරීම.ඇත්තටම මේක අපේ විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ කතිකාචාර්‍ය ආචාර්ය ප්‍රිමාල් ෆ්‍රර්නෑන්ඩු මහතාගේ ව්‍යාපෘතියක් කිව්වොත් හරි.එයා තමයි මගේ අවසන් ව්‍යාපෘතිය වෙනුවෙන් කරන්න කියලා මේක මට දුන්නේ.ඉතින් නිරන්තරයෙන් මාව අධීක්ෂණය කරමින් ලබා දුන් සහයෝගයත් මෙහිදී මතක් කළ යුතුමයි. 

Dr. Primal Fernando

මේවගේ දෙයක් නිර්මාණය කරන්න සිතුවේ ඇයි?

                                 ඇත්තටම ගත්තොත් ලංකාවේ කිසිම දෙයක් සම්බන්ධව නියාමනයක් නැහැනේ.ඩීසල් , පෙට්‍රල් වගේ ඉන්ධන නිවැරදි සංයුතියෙන් තොරව භාවිත කළොත් ඒක වාහනවලට , මිනිස්සුන්ට වගේම පරිසරයටත් නිවැරදි කළ නොහැකි මට්ටමේ විශාල හානි සිදු කරනවා.ලංකාවට ඉන්දන ගෙන්වන පිරිස් තමයි මේක 92 , මේක 95 කියලා කියන්නේ.95 ගණන් වැඩි නිසා 92 වුණත් 95 කියලා විකුණන්න පුළුවන්.ඒ වගේම භූමිතෙල් වගේ දේවල් කලවම් කරන්නත් පුළුවන්.මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ.ඔවුන් ලබාදෙන තොරතුරු නිවැරදි බව සනාථ කරන්න කාටවත් බැහැ.මේවගේ ඉන්දන වාහනවලට යෙදුවත් ක්ෂ්ණිකව කිසිම වෙනසක් වෙන්නේ නැහැ.හැබැයි මේවගේ ඉන්දන මාස 06 , 07ක් නැත්නම් අවුරුද්දක් එකහමාරක් භාවිත කලොත් වාහනයට විශාල හානියක් සිදුවනවා.මේ ඉන්ධන මුදල් දීලා තමන්ගේ වාහනයට යොදන්නේ පොදු මහජනතාව.ඒ නිසාම නියම ප්‍රමිතියෙන් යුතු ඉන්දන ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුයි.අන්න ඒ අරමුණෙන් තමයි අපි මේ නිර්මාණය සිදු කලේ. 

ඔබ මේ පහසුකම ලබාදීමට බලාපොරොත්තු වන්නේ ඉන්ධන පිරහුම්හල්වලටද?

                               ඒක මෙහෙමයි.අපි මේ විද්‍යාගාර පහසුකම් විශ්ව විද්‍යාලය තුළ ඇති කලාම ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වලට ඔවුන් කැමතිනම් SLS / ISO සහතිකයන් ලබා ගන්නවා වගේ අපි ලඟ ලියාපදිංචි වෙලා මේ සේවාව ලබා ගන්න පුළුවන්.ඉන් අනතුරුව අපි ඔවුන්ගේ ඉන්දන පරීක්ෂා කරලා සහතිකයක් ලබා දෙනවා.ඒ වගේම එවන් පිරවුම්හල්වලින් විටින්විට අහඹු ආකාරයට ඉන්දන ලබා ගෙන පරීක්ෂා කරමින් එහි ප්‍රමිතිය පිළිබඳව සැළකිලිමත් වීමටත් අපේක්ෂා කරනවා. 

මේ පහසුකම සාමාන්‍ය මහජනතාවට ලබා ගන්න බැරිද?

                                 මේක විද්‍යාගාර පහසුකමක් නිසා සාමාන්‍ය ජනතාවට ලබා ගන්න අපහසුයි.නමුත් යම්කිසි පුද්ගලයකුට තමන් ලබාගත් ඉන්ධන පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඉන්ධන සාම්පල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලබාදීලා සුලු මුදලක් වැය කරලා මේ පරීක්ෂණය සිදු කර ගන්න පුළුවන්. 

මෙහිදී ලබාදෙන දත්තයන් නිවැරදි බවට සනාථ කරන්න පුළුවන්ද?

                                     මෙහෙමයි.අපි කිසිම සාම්පලයක් එක්වරක් පරීක්ෂා කරලා ප්‍රථිපල ලබා දෙන්නේ නැහැ.සාම්පලයක් වාර ගණනාවක්ම පරීක්ෂා කරලා තහවුරු කලාට පස්සේ තමයි ප්‍රථිපලය නිකුත් කරන්නේ.අනෙක මේ ව්‍යාපෘතිය පසුපස මේ ක්ෂේත්‍රයට අදාල විශේෂඥයන් ගණනාවක් කටයුතු කරනවා.ඒ නිසා මේ ප්‍රථිපල ගැන විශ්වාසය තියන්න පුළුවන්. 

මෙවන් ව්‍යාපෘති සඳහා රජයෙන් ලබාදෙන දායකත්වය පිළිබඳව ඔබ සෑහීමට පත්වෙනවාද?

                                   මම හිතන්නේ නැහැ ප්‍රමාණවත් දායකත්වයක් රජයෙන් ලැබෙනවා කියලා.මොකද මොනදේ කරන්න ගියත් නිළධාරීවාදය , ප්‍රමාදය තමයි තිබෙන්නේ.ඔවුන් වඩාත් යාවත්කාලීන වෙන්න ඕන.මේ තිබෙන ආර්ථික තත්වයෙන් රටක් විදිහට නැගී සිටීමට නම් නව නිර්මාණ සහ මෙවන් ව්‍යාපෘති සඳහා රජය මීට වඩා සහයෝගය ලබා දිය යුතුයි. 

සාකච්ඡාව - මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060

Lasith Dassanayake






Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2