Traveler මාධව



නම නිලූෂ සදමාල් වීරපුර පෞද්ගලික ආයතනයක සීනියර් සෙල්ස් එක්සෙකටිව්වරයෙක් විදියට සේවයේ නියුතු වෙනවා.


නිලූෂ කොහොමද මාධව වෙන්නෙ?

    මට අවශ්‍ය වෙලා තිබුනා හැමෝටම දැනෙන නමක් එකක් ඉදිරියට යන්න. ඒ නිසා මම මගේ නම මාධව සංජීව  කියන නමින් වෙනස් කරා. අදටත් මාව ගොඩක් අය දන්නේ මාධව කියන නමින් නිලූෂ කියන නමින් මාව දන්නේ ආයතනයේ අය සහ පාසලේ අය විතරයි. ඒ වුනාට රට පුරාම අය මාව දන්නේ ට්‍රැවලර් මාධව කිව්වොත්. බොහෝ අය මට කතා කරන්නේ ට්‍රැවලර් මාධව කියලා.


Traveler මාධව කියන්නේ කවුද?

    ඒක ටිකක් දුක හිතෙන කතාවක් එකක් ආරම්භ කරපු ලස්සන කතාවක්. මම රියඅනතුරකට මුහුන දීලා ලොකු කාලයක් එක දිගට ඇදට සීමාවෙන්න වුණා. ඒ කාලේ මට තේරුණූ දෙයක් තමයි අපි පරිසරය එක්ක ජීවත්වෙන මිනිස්සු කියලා. ටික ටික මම සනීප වෙනකොට මම ඒ හිටපු කාලයටත් එක්කම ගම පුරා ඇවිදින්න හිතුවා. ඒ ගමනින් පස්සේ මම ළග ලග නගරවල තිබෙන විවිධ තැන් බලන්න යන්න පුරුදුවුණා. පොඩි පාපැදියක් අරගෙන පසුව මගේ පියාගෙ යතුරුපැදියෙන් ඇවිදින්න ගියේ. ඇක්සිඩන්ට් උනා වාරනම් අනන්තයි . කාලයත් එක්ක මම ගෙදර සිට උදෙන්ම  බස් එකේ කොලබට ගිහින් බස් එකේ නැගලා ගිහින් ඒ නුවර , නුවරඑළිය ,බදුල්ල , බන්ඩාරවෙල ,වැලිමඩ  රත්නපුර ,කුරුණෑගල  ,හලාවත , අනුරාධපුර ,පොලොන්නරුව ,වගේ ප්‍රධාන බස් නැවතුම් පලට ගිහින් දවල් ආහාර අරන් ආයෙත් එනවා .මට අවශ්‍ය උනා පරිසරයේ වෙනස ඇස් දෙකින් දකින්නට කදු , පල්ලම්, හෙල් ,සානුව , වියලි කලාප , තෙත් කලාප , එක්ක මීදුම , වගේ දේවල් අහල තියෙනවා ඒත් දකින්නට ආස නිසා බලන්න ගියා . සමහර අවස්ථාව වල එන්න  විදියක් නැහැ හේතුව කාලය මදිවීම ලොකු සල්ලියක් නැති නිසා මන් බස් නැවතුම්පොළේ  නිදාගත්ත වාර අනන්තයි .ඒක අත්දැකීම නම් අද මතක් වෙන කොට ගොඩක් සතුටුයි . ඒත් එක්ක මම ජීවිතේ ආදරේ කරා කෙනෙක්ට. නමුත් දෛවය  ජීවිතය වැරැද්දුවද  කියලා මම දන්නේ නෑ. විවාහයට මාසයක් තිබෙන වෙලාවක මම රැවටීමක් එක්ක සියල්ලනැති වෙනවා. ඒ දුක මට මගේ ජීවිතේ දෙන කලකිරීම කියන්න මට වචන තිබ්බේ නෑ. කාලයක් තිබ්බා මම ගෙදරින් මගේ රැකියා ආයතනයට පසුව කැලණි විහාරයට හා නැවත නිවෙසට යමින් ගත කරපු. කාලයක් සමග මගේ හිතට නිදහසක් දැනෙන්න ගත්ත පස්සේ මන් වැඩියෙන් ට්‍රැවල් වලට හිත යොමු කරා. ට්‍රැවල් කරන්න ගැබුරින්ම පටන් ගත්ත. එතනින් පස්සේ මාධව කියන නාමය මිනිස්සු අතර යන්න පටන් ගත්ත.



ඒ ආරම්භය මේ වෙනකොට කොයි තරම් දුරක් ගිහින් තියෙනවද?

    මම මේ ලංකාවේ ගනන් කරන්න බැරි තරම් තැන්වල සංචාරය කරලා තියෙනවා. සංචාරයට අමතරව මට අවශ්‍යතාවක් ඇති වුණා ට්‍රැවල්  කරනවාට වඩා සමාජයට දායකත්වය හා සමාජයට දෙයක් දෙන්න. ඒ කාලේ මන්  Discovery  අන්තර් ජාතික පාරිසරික නාලිකාව බලමින් හිටියේ . ඒ නාලිකාවේ වීශේශ දෙයක් මට දකින්නට ලැබුණ  Ten Death snake කියලා වැඩසටහන බලන්න ආස කරා එතකොට මට අදහසක් ආවා මට යමක් කරන්න පුළුවන් ලංකාව වෙනුවෙන් කියලා . මන් ඒ වෙනකොට ලංකාවේ දියඇලි නිතරම බලන්න යමින් සිටියා . මට ආසවක් ඇති වුණා දියඇලි ගැන වැඩි දුරට ඉගෙන ගන්න . ඉන්පස්සේ මන් දියඇලි ගවේෂණ කරන පොත් කියවන්න ගත්ත .අන්තර් ජාලය මගින් , පොත්පත් මගින් ඒ ගැන අධ්‍යයනය කළා. ඒක කොයිතරම් සාර්ථක වුනාද කීවොත් මන් ලෝකයේ  දියඇලි වර්ගීකරණයට ඉගෙන ගත්තා.


ඒ ඉගෙනගත් දැනුම ඔබ බෙදා ගන්නවද? කොහොමද කරන්නේ?

    අද ලංකාවේ දියඇලි ගැන වීඩියෝ කරන ගොඩක් කට්ටිය කතා කරන්නේ දියඇලි උස ,පලල ,අතීතය ,  අපවිත්‍ර කරන්න එපා කියලා ,ඒත් ටෙක්නිකල් පැත්ත ගැන දැනීමක් නැහැ . ඒ දියඇල්ල පිහිටීමේ හැඩය හා ඒ දියඇල්ල පිහිටී කදු පන්තිය කුමක් ද කියලා කියන්න දන්නේ නැහැ. මන් කතා කරන්නේ මිනිස්සු කතා නොකරන ඒ පැත්ත ගැන . මම කියලා දෙන්නෙ ඒ ගැන. එහෙම යන අය තමයි ගොඩක් අය මට කතා කරන්නෙ.


සම්බන්ධ කරගන්නේ කොහොමද?

    මාධව සංජීව ට්‍රැවලර් මාධව කියලා තිබෙනවා ෆේස්බුක් එකේ. ඊට අමතරව ගූගල් එකේ  ට්‍රැවලර් මාධව කියලා හෙව්වත් මගේ ඊ මේල් ගිණුම එනවා. ඒ මගින් මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඊට අමතරව ලංකාවේ ඩෙවෝන් ෆෝල්ස්, සෙන්ට් ක්ලෙයාර්, වැලිමඩ බෝමුරු ඇල්ල, ඩන්සිනන් දිය ඇල්ල වගේ ඒවා බැලුවම ඒවගේ තිබෙන දුරකථන අංකය මගේ. ඊටත් අමතරව Lanka mid night Hunters travel team and Foundation එකෙනුත් මාව සොයාගෙන සම්බන්ධ වෙන්න පුළුවන්.

පහත දුරකතන අංකවලින් හා ඊමේල් මගින් මාව සම්බන්ධ කරගන්න පුලුවන්.

0727969883

0757969883

0707969883

madawasanjeewa@yahoo.com 

madawasanjeewa127@gmail.com 

nilushaweerapura2020@gmail.com

Youtube: https://www.youtube.com/@madawasanjeewa1093/videos

Facebook: https://www.facebook.com/madawa.sanjeewa.5




ඔබ සංචාරය කරන්නෙ තනිවමද? නැත්නම් කණ්ඩායමක් ඉන්නවද?

    මම තනිවම මුලින් සංචාරය කළේ. පසුව මම මගේම කියලා කණ්ඩායමක් හදාගත්තා. ලංකා මිඩ්නයිට් හන්ටර්ස් ට්‍රැවල් ටීම් ඇන්ට් ෆවුන්ඩේසන් හැදුවේ මම. එ කණ්ඩායමේ අපි සංචාරය කරනවට අමතරව සමාජ සේවා කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒත් එක්කම සංචාරය කරනකොට කැලයකට යන්නේ කොහොමද? කැලේ හැසිරෙන්නේ කොහොමද? ගංගාවක් තරණය කරන්නේ කොහොමද? ගගේ වක්කලම හොයා ගන්නේ කොහොමද? වතුර වැඩිවෙනකොට දැනගන්නේ කොහොමද කියන දේවල් පවා මම ඉගෙන ගත්තා. කැලේ යනකොට රිටක් අරන් යන්න ඹ්නේ මොන පැත්තටද?, නුහුරු කැලෑවක යනකොට ඇවිදින්නේ කොහොමද කියන එක වගේ දේවල් පොතින් පතෙන් වගේම අත්දැකීම්වලින් මම අ්‍ධ්‍යයනය කරමින් ඉගෙන ගත්තා.


රටේ ආර්ථික තත්ත්වය සංචාරය කරන්නෙක් හැටියට බලපෑවේ නැද්ද?

    ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ. අපිට යන්න ඹ්නේ වුණත් දැන් යන්න බෑ. ඉස්සර අපේ අතේ සල්ලි තිබ්බා. දැන් ආර්ථීක තත්ත්වය එක්ක ගොඩක් ගමන් අඩුවෙලා තිබෙනවා. රථ වාහන ගස්තු වැඩී, ඉන්ධන නෑ. ආහාර පාන ගනන් වැඩී. ඒ එක්ක ගොඩක් Travel කරන අය අඩුයි. ඒත් මම දෙයක් කියන්න ඹ්නේ. ජීවිතේ කඩා වැටෙන වෙලාවලදී ට්‍රැවල් අපිව ජීවත් කරනවා. මම ඒක අත්විදපු දෙයක්. බීගෙන තැනින් තැන වැටෙනවට වඩා ජීවිතේ නැති කරගන්නවට වඩා මම උනත් මගේ පෞද්ගලික ප්‍රශ්නවලින් නැගිට්ටේ ට්‍රැවල් නිසා. කන්දක් උඩට ගිහින් දැනෙන ෆීලින් එක කවදාවත් සල්ලිවලට ගන්න බෑ. ඒකට තමයි මම තදින් ඇබ්බැහි වුනේ. ඒ වෙනස ජීවිතේදී ගොඩක් දැනෙනවා.


Travel කරන අය නිසා පරිසරය විනාශ වෙනවා කියලත් චෝදනා එනවා. ඒ ගැන මොකද කියන්නේ?

    සංචාරකයන් වගේම ඡායාරූප ශිල්පීන් විදිහටත් මම මේ ගැන කතා කරන්න කැමති. මම වන සංරක්ෂන රැස්වීමකදීත් මේ ගැන කතා කරා. අපේ අය ගිහින් කරන දෙයක් තමයි දිය ඇළි වගේ තැන්වල ගිහින් අනාරක්ෂිත ක්‍රියාකාරකම්වල නිරත වෙනවා. දිය ඇල්ලක් ලස්සන පහල සිට බලනකොට. මම දිය ඇළි ගැන ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට මට කියන්න පුළුවන්. දිය ඇළි බලන්න ඔ්නේ උඩ සිට පහළට නොවේ පහළ සිට ඉහළට. ඒත් ලංකා‌වේ අය කරන්නේ උඩට ගිහින් පහල බලනවා. එය අපේ අයට තියෙන දිය ඇළි රැල්ලක් හා ඉන්ටරස්ට් එකක්.  ගිහිල්ලා බලලා ඡායාරූප ගන්නවා. එහෙම වෙලා වැටුනම කී දෙනෙක් නම් දුක් විදිනවද? මෙය අතිශය බයානක දෙයක්. ජීවිත කීයක් නැතිවෙනවද? මේ දේවල් කරන්න හොද නෑ. ඊට අමතරව Travel කරන්න යනවා කියලා යන්නෙම බීලා විනෝද වෙන්න. බීලා නිකම් ඉන්නෙ නෑ ඒ බෝතල් කඩලා දානවා.

බාබකිව් මැෂින් ගෙනියලා ගිනි තියනවා. එතන තියලා මස් පුච්චනවා.  මේ අගුරු හා අපද්‍රව්‍ය නිවීමකින් තොරව පරිසරයට මුදාහරිනවා. ඒවා නිසා සුන්දර පරිසරය පද්දති විනාශයට පත් වෙනවා .ඒ පරිසරයට කරන හිත මතා හෝ නොහිතා කරන දේවල්.ඒවා නතර කරන්න කියලා මන් ඉල්ලා සිටිනවා . Travel කියන්නේ අරක්කු බීලා, මස් කාලා, බියර් ටින් කඩලා එතන දාලා එනවා. ගෙනියන කෑම සහ ඒවගේ ආවරණ දාලා පරිසරය විනාශ කරනවා. හොදම උදාහරණය තමයි කුරුවිට බෝපත් ඇල්ල. ඒකේ ඇවිදින්න බෑ අඩියක් තියලා වීදුරු කෑලි. ඒ වගේම මම ලගදි ගියා මඩොල්සිම. මඩොල්සිම කුණු ගොඩක්. එහෙම කරන්න එපා කියලා තමයි මම ඉල්ලන්නේ. කන්ද පහලට කුණු දාලා විනාශ කරලා. රජයෙන් ඒ පිළීබද නිළධාරීන් පත් කරලා තිබ්බත් එයාලා අතට කීයක් හරි දුන්නම එයාලා වැඩිය හොයන්නෙ බලන්නේ නෑ. මම නම් කියන්නේ අවධානය යොමු විය යුතුයි නිසි බලධාරීන්ගේ මේ වගේ දේවල් ආරක්ෂා කරන්න. පරිසරය කියන්නේ අපේ ජීවය. ඒක අමතක කරන්න හොද නෑ. බෝමුරු ඇල්ලේ ගිහින් බාබකිව් මැෂින් ගෙනියලා ගිනි අරන් ඒ පරිසර පද්ධති නැවත ඒ තත්ත්වයට එන්න ලොකු කාලයක් ගන්නවා‍. ඒවා ඇත්තමයි හරි දුකයි අපි දකිනකොට.

 


Travel කරන කෙනෙක් විදිහට Wild Life Photography ගැන මොකද හිතන්නේ?

    ඒ ගැන නම් කියන්නම ඔ්නේ. සමහර  wildlife ජායාරූප ශිල්පීන්  සාමාන්‍ය වනෝද්‍යානය ගිහින් දවස් ගන්න ඉන්න වෙනවා . ඒත් දැන් තත්වය වෙනස් .මේවා කීවම මගේ ජීවිතේට පවා තර්ජන එන්න පුළුවන්. ඒක නම් ගැටළුවක් නෑ. මම මේ කියන්නේ වන ජීවී ඡායාරූපශිල්පීන් හැමෝම ගැන නෙවේ. කැලේ ගිහින් දවස් ගනන් ඉදලා අලි කොටි වලස්සුන්ගේ ඡායාරූප නැතිව එන්න වුණු අවස්ථා තිබෙන ඡායාරූප ශිල්පීන් ඉන්නවා. ඒත් දැන් අලුත්ම සෙල්ලම චූටි පූස් පැටව්, බලු පැටව් වගේ සත්තු අර‌ගෙන කැලේට ගිහින් සත්තු ගැවසෙන ස්ථානවල ඇමට දාලා ඡායාරූප ගන්නවා. ඒ සුවදට, හඩට සත්තු එනවා. ඊට අමතරව වලස්සු කියලා හිතන්න. පිරිමි සතෙක් නම් වලස් ගැහැනු සත්ත්වයෙකුගේ හඩක් අන්තර්ජාලයෙන් අරගෙන ඒ හඩ ඇහෙන්න සලස්වලා සත්තු ගෙන්න ගන්නවා. සත්තු රවට්ටනවා. ඇත්තටම මේවා නම් නොකළ යුතු දේවල්. ඊට අමතරව සමහර ඡායාරූබ ශිල්පීන් ඡායාරූප අරන් ඉවරවෙලා නවතින්න යන හෝටලයේ හෝ ඒ ස්ථානවලට ගිහින් හොයන්නේ දඩමස් රස බලන්න.

 
ඔබට මොකක්ද කියන්න තියෙන්නේ නව Travel කරන අයට හා සමාජයට?

    සංචාරය කරනවා කියන්නේ භාවනාවක් වගේ වැඩක්. හැමතැනම ගියාට ඇවිදින්න යන අය ගන්නේ තාවකාලික සතුටක්. හදවතින්ම ට්‍රැවල් කරන අය කියන්නේ පරිසරයට ආදරය කරන අය. පරිසරය, වනෝද්‍යාන, වන සතුන් ආරක්ෂා කරන පරිසරය එක්ක ජීවත් වෙන අය. එහෙම නැතුව Travel කියන නම විකුනන් කන එක නෙවේ කියන දේ මම පැහැදිලිව කිව යුතුයි. ඊට අමතරව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත කියවන්න. ඒකේ තියෙනවා නීති රෙගුලාසි. පරිසරය ආරක්ෂා කළ යුතුයි. අපි දැකපු තැන් තියෙනවා අපි දැක්කට එලි කරන්නේ නැති. මොකද ඒවා විනාශ කරනවා. ලංකාවේ දිය ඇළී වලින් භයානකම ඇල්ල හසලක රත්න ඇල්ල. මේ ඇල්ලේ එක දිය ඇල්ලකින්  අනිත් ඇල්ලට ගලකින් ගලකට පනින්න පුළුවන් කියලා හිතුවට හිඩස ලන් වුනාට ඇතුල ගැඹුරුයි‍. ගොඩක් අය ජීවිතෙන් වන්දි ගෙවනවා මේවගෙන් නොදැන පනින්න ගිහින්. ඒ නිසා කියන්නේ අවධානයෙන් යන්න. හොයලා බලන්න. මම මන්තර ගුරුකම් විශ්වාස කරන කෙනෙක් නෙවේ. ඒත් කියන්නම ඔ්නේ. හසලක ඇල්ලේ ගිහින් බීලා විනාශ කරලා ආවොත් එක්කො බඹරු ගහනවා නැත්නම් සර්පයෙක් දෂ්ට කරනවා. මම හිතන්නේ ඒ පරිසරය විනාශ කරන අයට සොබාදහමෙන් දෙන දඩුවමක්. මම දැකලා තියෙනවා. ඒක හරි පුදුම දෙයක්.

ර්‍ශ්‍ර පාදය, රිවස්ටන් මේ වගේ විනාශ කරපු තැන්. එහෙම කරන්න එපා. ට්‍රැවල් කරාට මදි. පරිසරය විදින්න. පරිසරයට යනකොට ගෙනියන දේවල් ආයේ ගේන්න. ඒත් එක්කම මම කියන්න ඔ්නේ සංචාරකයන්ට ගරු කරන්න. එයාලා අපිට ඩොලර් ගේනවා. ඒමිනිස්සුන්ට ගරු කරන්න. ඔවුන් හට උදව් කරන්න හා අයෙත් ලංකාවට එන්න පුලුවන් කියලා හිතෙන විදියට වැඩකරන්න.අනිත් මින්ස්සුන්ට ලංකාවේ සංචාරය හොදයි කියල කියන්න පුලුවන් විදියට වැඩකරන්න. සත්තු ආරක්ෂා කරන්න. පරිසරය සුරකින්න.

 

ඔබේ බලාපොරොත්තු ගැන කීවොත් අවසාන වශයෙන්?

මගේ පුද්ගලික ජීවිතයේ අත්දැකීම් වලින් කියන්නේ සුන්දර මිනිස්සු බිහිවෙන්නේ දුක්බර අතිතයක් නිසා .

ඊට හේතුව කියන්නේ මගේ ජිව්තය වරක් කඩාවැටීමෙන් මන් වැඩි දුර ඉගෙන ගන්න පටන් ගත්ත.මගේ ස්වරූපය පවා වෙනස් කරා මන් කැපවීම් රැකියාව සමබරව ,ට්‍රැවල් සමබරව හා රැකියාව ඉදිරියට යන්න අවශ්‍ය තාවයක් නිසා මන්  Marketing NDSM  ඩිප්ලෝමාව ඉහල ලකුණු ඇතුව පාස් වුනා . හා වැඩිදුරටත් ඉගෙන ගන්නවා දැන් . මගේ ටාගට් එක රැකියාවේ අපේක්ෂිත ඉලක්කයට යන්න හා ට්‍රැවල්  ක්ෂේත්‍රයේ  අංක 1 වෙන්න නෙවෙයි ට්‍රැවල්  ක්ෂේත්‍රයේ හැමෝම දන්න  traveler madawa වෙන්න . හා  මගේ A ඔප්ශන් එක රැකියාව නම්  B ඔපශන් එක විදියට  ඩරාස් වල අලෙවිය නියෝජිත යෙක් වශයෙන් සුලුවට තියෙනවා හා ලංකාවේ Direct Shipping සෙලර් කෙනෙක් විදියට ඉන්නවා  ඉතින් ජිව්තය පරාද නැහැ . ලංකාවේ traveler කෙනෙක් ඒ තමයි මගේ ජිව්තය හා ජීවිතයේ සතුට. ජීවිතයම ට්‍රැවල් තමයි . ජීවිතයේ වැටීමක් කියන්නේ තවත් එක්තරා ආකාරයක නැගිටීමක්.

 

සාකච්ඡාව තෙරුණි ද සිල්වා

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060


 












 

2 Comments

Previous Post Next Post

POST ADS1

POST ADS 2