අවුරුද්දකින් ලබාගන්න තිබෙන ජයග්‍රහණ මං මාස හයකින් ගත්තා. - සජානි


කාන්තාවන් උපතින්ම මටසිළුටු ගති ඇත්තියන්. අභියෝගය භාර ගැනීම අතින් නම් ඉතාම ඉහළයි. එවැනි අභියෝගයක් භාරගනිමින් රක්ෂණ ක්ෂේත්‍රයේ මේ වන විට නමක් රඳවන ඔබගේ පෞද්ගලික විස්තරවලින්ම අපි කතාව ආරම්භ කරමු.

මම සජානි. ම පාසල් ගියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට. මගේ අප්පච්චි නැහැ. 2000 වර්ෂයේ අප්පච්චි අපිට නැති වුණේ. එවකට ඔහු රාජකාරී කළේ යුද හමුදාවෙ. අම්මයි නංගියි මල්ලියි ඉන්නෙ මගේ පවුලේ. මේ වෙනකොට මම විවාහකයි. මට පුංචි දුවක් ඉන්නවා.

මේ ක්ෂේත්‍රයට පැමිණීමට පෙර කාලය ගැන මතක් කළොත්?

මට හොඳින් ඉගෙන ගැනීමේ හැකියාවක් තිබුණු කෙනෙක් කුඩා අවධියේ සිටම. විශ්වවිද්‍යාලයට  යන්න  බැරිවුණේ ඉතාමත් කුඩා ලකුණු ප්‍රමාණයකින්. ඒක මට ටිකක් දරාගන්න අමාරු වුණ දෙයක් කීවොත් මම හරි. වෙලාවෙ මට දෙවැනි පාරත් වියදම් කරගෙන අම්මට කරදරයක් වෙන්න වුවමනාවක් වුණේ නැහැ. ඒ නිසා මට ඕන වුණේ රැකියාවක් කරන්න. ඒ නිසාම උසස්පෙළ ඉවර වෙනවත් එක්කම මම පාසලක ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා පරිගණක විද්‍යා අංශයෙන්. අවුරුදු දෙකක් විතර මම ඒ රැකියාව කළා. ඉන් අනතුරුව මම  එකතු වුණා Samsung  ආයතනයත් එක්ක. sales executive කෙනෙක් විදිහට වැඩ කරන්න. අවුරුදු හයක් මම ඒ ආයතනයේ සේවය කළා.  ඒත් එක්කම මම විවාහ වුණා. විවාහ ජීවිතයත් එක්ක මට අට - පහ රස්සාව ටිකක් විතර අමාරු වුණා. ඒ නිසාම තමයි මම Samsung  ආයතනයෙන් ඉවත් වෙන්නෙ. පසුව  තමයි AIA  ආයතනයට සම්බන්ධ වුණේ මම. මේක වෙලාවක් එක්ක යන ජොබ් එකක් නෙමෙයි. මේ රැකියාව නිදහසේ කරන්න පුළුවන් රැකියාවක්. ඒ නිසා මට මේ ආයතනයේ මේ රැකියාව කරන්න පහසු වුණා



රක්ෂණ ක්ෂේත්‍රයට ඔබ අලුත්. ඒ පැමිණි මුල් කාලය ගැන කිව්වොත්?

මම දැකපු දෙයක් තමයි මගේ අම්මා අපි වෙනුවෙන් පුළුවන් තරම් කැපකිරීම් කළා. මමත් මගේ පවුල වෙනුවෙන් කැප වුණා. ඒත් ටික කාලෙකින් ගෙදර ඉන්නකොට තමයි මට තේරුණේ දැන් මේ ආර්ථිකයත් එක්ක අපිට ඉදිරියට යන්න අමාරුයි කියලා. ඒ නිසා මම හිතුවා මම මටම දෙයක් කරගන්. ඔබ කීවා වගේ මම මේ ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රය ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ.  මගේ ඥාති සහෝදරයෙක් මට මේ ගැන කිව්වේ. මම  කලින් රැකියාව කරන කාලෙදි මට ඒ සහෝදරයා කිව්වා මේ ආයතනයට සම්බන්ධ වෙලා වැඩ කරමු කියලා .ඒත් මට ඒක ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. ඒත් මේ ආර්ථික අර්බුදයක් එක්ක මම ඒ තීරණයක් ගත්තා මේ අභියෝගය භාර ගන්න. මට වාහනයක් ගන්නත් ලොකු හීනයක් තිබ්බා. අර කතාවක් තියෙන්නෙ ගිරවා වැටිලා ඒ ආශ්‍රය නිසා හොඳ වෙන. AIA ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ තමයි මට තේරුණේ මටත් වුණේ ඒක කියලා. මේ ආර්ථික අර්බුදයත් එක්ක අනිත් ආයතන වැහිලා යනකොට මම දැක්ක ලොකුම දේ තමයි අපේ ආයතනය එක ස්ථාවරත්වයක හිටියා. ඉතින් ආයතනයෙන් ලැබිච්ච උදව්වත් එක්ක මට මේ ගමන එන්න පුළුවන් වුණා. මේ රැකියාවත් එක්ක එකතු වු බොහෝ දෙනා අද ගොඩක් හොඳ තැන්වල ඉන්නවා. මගේ පාරිභෝගිකයෙක් දවසක්  මට කිව්වා ඔයාට පුළුවන්ද සජානි මේක කරන්න, මේක උඩුගම් බලා පිහිනන වගේ වැඩක් කියලා. එහෙම කියද්දිත් අමාරු වෙයි කියලා හිතුවට මගේ තිබ්බ ආසාව සහ ඒ තිබ්බ උනන්දුවත් එක්ක ඒ අභියෝගය මම බාරගත්තා. මේ ආයතනයට සම්බන්ධ වෙච්ච පළමුවැනි මාසෙදිම මම හිතාගත්තා හරි විදියට කළොත් මට තැනකට යන්න පුළුවන් කියලා.ළමුවැනි මාසෙදිම ම හිතාගෙන හිටපු විදියට රුපියල් පනස්දාහකට වඩා වැටුපක් මට ලැබුණා. මේක කරන්න මට පුළුවන් වුණේ රක්ෂණ  ක්ෂේත්‍රය කියන එක මම විශ්වාස කරන්න පටන් ගත්තාට පස්සේ. මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ මම සේවයක් කරනවා කියන දේ හිතාගෙනමයි. මම පාරිභෝගිකයන්ට හරිම විශ්වාසවන්ත විදියට වැඩ කරනවා. මුලදි  ඇත්තටම පවුලෙන් ලැබුට වඩා උදව්වක් සහ ටික කාලයක් යනකොට මගේ මහත්තයා වුණත් මට ගොඩක් උදව් කරන්න වගේම ශක්තියක් වෙන්න පටන් ගත්තා. ඉන්ෂුවරන්ස් ක්ෂේත්‍රයේ රැකියාවක් ගෑනු කෙනෙක් හරි ගෑනු ළමයෙක් හරි කරනකොට හැමෝම අහන්න ඇයි ඔයා මේ වගේ රැකියාවක් කරන්නේ කියලා. ඒත් මම මට පුළුවන් කියන විශ්වාසය උඩ මම රැකියාවක් කරන්න පටන් ගත්තා. පළමුවැනි මාස හයේ ම මට ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වුණා. අවුරුද්දක කාලෙකින් ලබාගන්න තියෙන ජයග්‍රහණ මං මාස හයකින් ලබා ගත්තා. හැමදාම ටික ටික මං මගේ වැටුප වැඩි කර ගත්තා. මං දිනපතා ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ හැම තැනකදිම හෙවණැල්ලක් වගේ මගේ පවුලේ අය මාත් එක්ක හිටියා.



්ෂේත්‍රයේ නියැලීමෙදි ආපු බාධක?

අපෝ මම පරාද වුණු අවස්ථා තියෙනවා. හැබැයි මං මගේ අභියෝග අතහැරියෙ නෑ. කොහොමහරි මං මේක කරනවා කියන අධිෂ්ඨානයෙන් මං කැපවීමෙන් වැඩ කළා. මං දැන් මේ ආයතනයට සම්බන්ධ වෙලා අවුරුදු හතරක් වෙනවා. දෙවැනි අවුරුද්දෙත් කොරෝනා වසංගතය තියෙන කොටත් අපේ ආයතනයට අවශ්‍ය දේවල් සහ ලබාගන්න පුළුවන් ජයග්‍රහණ මං ලබලා දුන්නා. මං මගේ ඉලක්ක වලට ගියා. පළමුවැනි අවුරුද්දෙ පළමුවැනි මාසයේ පනස්දාහෙන් පටන් ගත්ත එක සමහර මාසවල මිලියනයකට වඩා වැඩි කර ගත්තා. මගේ ආයතන සේවකයන් සහ නිලධාරීන් මාව දැක්ක ගමන් කිව්වෙ ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මම මගේ කරගෙන අද මේ ගමන ඇවිත් ඉන්නවා.



ඔබ විසින් ලබාගත් ජයග්‍රහණ මොනවාද?

මට සංචාර හම්බවුණා විදේශ රටවලට. 2021 හා 2022 අවුරුද්දේ මට පුළුවන් වුණා රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහම සම්මානය වන MDRT (Million Dollar Round Table) ජාත්‍යන්තර සම්මානයට පිදුම් ලබන්න. 3000 කට අධික පිරිසක් අතරින් මට පුළුවන් වුණා ඒ සම්මානය ගන්න. ඉදිරියෙදී සෑම වසරකම ඒ ජයග්‍රහණය ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා.  දෙවැනි අවුරුද්දෙ ආයතනයේ නැගී එන හොඳම වත්කම් සැලසුම්කරු විදියට පිදුම් ලැබීමට වාසනාව හිමිවුණා. ඒකත් මට හම්බවෙච්ච ලොකු ජයග්‍රහණයක්. මේ දේවල් එක්ක ඇමරිකාව රුසියාව බැංකොක්, සිංගප්පුරුව වැනි රටවල් ගොඩකට සංචාරයන් සඳහා යන්න අවස්ථා හම්බවුණා. ඒ වෙනුවෙන් තිබු තරග හැමදේකින්ම ජයග්‍රහණය ලබන්න මට පුළුවන් වුණා. ඒ අතරෙ මං වාහනයකුත් ගත්තා. ඒත් එක්කම ලොකු ආදායමක් මේ වෙනකොට ලබාගන්නවා. ආර්ථික පැත්තෙන් මං දැන් කලින්ට වඩා ස්ථාවරත්වයක් ඉන්නවා.



අම්මා සෙවණැල්ලක් මෙන් හිටියා කීවා. ඒ වගේ මතක් කළ යුතුම අය ඇති?

ඔව් මගේ ශක්තිය මගේ අම්මා. ඒ වගේම  විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන කොට මුලින්ම මට මතක් වෙන්නෙ මගේ තාත්තව. මං ගොඩක් වෙලාවට හිතට හයිය ගන්නේ මගේ අප්පච්චි මං දිහා බලන් ඉන්නව ඇති කියල හිතාගෙන. මගේ පවුලේ මහත්තයා දුව අම්මා සහ මගේ සැමියාගේ අම්මා, මගේ නංගී, මල්ලී ඒ හැම දෙනාටම මම  ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම අලහකෝන් මහත්මයාව මතක් කරන්න ඕන. ඔහු තමයි මට මේ රැකියාව සඳහා ආරාධනා කළේ. ඒ වගේම මගේ සේවා ශාඛාවේ ඉහළ නිලධාරීන් මතක් කරන්න ඕන. ඒ වගේම මගේ කණ්ඩායම. ඒ වගේම විශේෂයෙන් මගේ පාරිභෝගිකයන් මං මතක් කරන්න ඕන. ඒගොල්ලො මාව විශ්වාස කළේ නැත්තම් අද මේ වගේ තැනකට මට එන්න ලැබෙන්නෙ නෑ.



රක්ෂණ අවශ්‍යතා තියන සහ රක්ෂණය පිළිදැනගන්න අවශ්‍ය ඹ්නෑම කෙනෙක්ට පුළුවන් මට කතා කරන්න.

සජානි - 07666 52 944

Facebook: https://www.facebook.com/sajani.n.kumari

සාකච්ඡාව කවින්ද්‍යා ගුණරත්න

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060















Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2