Podcasts අහසේ පෑයූ Flitz රසවින්දන සන්නාම තාරකාවට වසර 02ක්.



Podcasts  අහසේ පෑයූ Flitz  රසවින්දන සන්නාම තාරකාවට වසර 02ක්. 

ඔහු නමින් රුමල් රන්සික. දැනට Flitz  ඩිජිටල් මාධ්‍ය වේදිකාවෙ වැඩ කටයුතු කරමින් ඉන්න තරුණයෙක්‍. ඊට අමතරව ජාතික උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ , උසස් ජාතික තොරතුරු සන්නිවේදන ඩිප්ලෝමාවක් හදාරමින් සිටින ඔහු වෙනස් ලෙසකින් හැදින්වුවහොත් පොඩ්කාස්ට් වේදිකාවේ ලංකාවේ මුල්ම Podcasts නාලිකාව වන ඒ වගේම මෙච්චර කල් ලංකාවේ Podcasts වැඩසටහන් වශයේන් තිබුනත්. Podcasts නාලිකාවක් විදියට Apple Podcasts සේවාව තුල ක්‍රියාත්මක වෙන්නෙ Flitz  රසවින්දන සන්නාමයේ අයිතිකරු.

 

Podcasts ලංකාවට අලුත් නෑ. නමුත් භාවිත කරන්නේ සීමිත පිරිසක්. කොහොමද ඔබ මේ වේදිකාවට ඇතුළු වෙන්නේ.

මම Podcasts ගැන මුලින්ම දැන ගන්නේ " මලින්ද අලහකෝන් " අයියගේ " Tech Track Show " කියන YouTube වැඩසටහනෙන්. ඒතැන් සිට මම මේ ගැන ස්වයං අධ්‍යයනයක් කරා. එහිදී මට හිතුනා වෙනස් දෙයක් වුණත් අත්හදාබැලීමක් ලෙස නවීණ තාක්ෂණයක් එක්ක ඉදිරියට යන්න. ඒ වෙනකොට ලංකාවේ Podcasts නාලිකාවක් තිබුනෙ නෑ වැඩසටහන් විතරයි තිබ්බේ. ඉතින් මට හිතුනා වෙනස් දෙයක් කරන්න. ඒ නිසා මම ගුවන්විදුලි නාලිකාවක් ලෙස  Flitz  ආරම්භ කරා.

 


Flitz  කියන්නේ අලුත් දෙයක්. කොහාමද මුල් ආරම්භය?‍

මුලින් පටන් ගන්න වෙලාවේ මම Podcasts ගැන දැනගෙන හිටියත්, හරියටම Podcasts එකක් කරන්නෙ කොහොමද කියල තාක්ෂණික දැනුමක් තිබුනෙ නෑ. එතනදී  මුලින්ම  YouTube සහ අනිකුත් අන්තර්ජාල මෙවලම් පාවිච්චි කරලා ඒ ගැන අධ්‍යයනයක් කරා. ඒ හරහා ලැබූ දැනුම එකතු කරලා මේක ආරම්භ කළේ. Flitz  කියන්නේ ලෝකෙම ඉන්න ප්‍රේක්ෂකයන් පිනවන්න ආරම්භ කළ දෙයක්.  මම කියන්න ඹ්නේ දෙයක් තමයි මේක ඇත්තටම පිරිස අතරට යන්න පහසු වේදිකාවක්. ඒවගේම ඕනෑම කෙනෙකුට කිසිම මූලික මුදලක් නැතුව පටන් ගන්න පුළුවන් වැඩක් කියන එක. ඒ  Podcastsවල තියන පහසුව සහ ශ්‍රාවකයන්ට ලංවීමට තියෙන හැකියාව නිසාම මම තීරණය කරා මේ වේදිකාවෙ කොටස්කරුවෙක් වෙන්න ඕන කියලා. ඒ ආරම්භය තමයි Flitz .

 

Flitz  මුල්ම වැඩසටහන වුණේ මොකක්ද?

2020 ලෝකෙටම කොරෝණා වසංගතය ඇතිවෙලා ගෝලීය නිරෝධාන කාලසීමාව එක්කනේ මම මේ වැඩේ කළේ. එහිදී හැමෝම ගෙවල්වලට සීමා වෙලා හිටියේ. ඉතින් මම කල්පනා කරා මගේ තියන හැකියාවෙන් මුලින්ම මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න. ඒ නිසා තමයි මම 2020.9.18 වෙනිදා මගේ " Love school with rumal " වැඩසටහන පටන්ගත්තේ. ඒක ලංකාවේ මුල්ම romantic podcast show එක. 

 


Flitz  දැනට තිබෙන වැඩසටහන් මොනවද?

" Love school with rumal " වැඩසටහන තියෙනවා. ඒ වගේම ධනුකසාරා, අයීෂා හා ධාරා ශ්‍රව්‍ය නාට්‍ය. Flitz,   Podcasts ඉතිහාසයේ ශ්‍රව්‍ය කතා ඉතිහාසයේ මුල්ම වතාවට Drama Crossovers දෙකක් කරලා තියෙනවා. ඒ තමයි ධනුකසාරා සහ අයීෂා‍ එකක්. දෙවන Crossovers එක ධනුකසාරා, අයීෂා හා ධාරා නාට්‍ය තුනෙහි එකතුව.   ලංකාවෙ මුල්ම podcast ශ්‍රව්‍ය කතා මාලාව වෙන්නෙත් ධනුකසාරා නාට්‍ය.

ඒ වගේම මුල්ම podcast වාර්තා වැඩසටහන වෙන්නෙත් අපේ Unexplainable වැඩසටහන. ඒත් එක්කම මේ වෙනකොට Flitz  සහෝදර Podcasts ප්‍රවෘත්ති නාලිකාව News Network නාලිකාවක් තිබෙනවා. ඒ අතර තවත් වැඩසටහන් 10කට අධික සංඛ්‍යාවක් Flitzවලින් අහන්න පුලුවන්.

 

මේ වැඩේ  තනි කෙනෙක්ට කරන්න හැකියාවක් තිබෙන දෙයක් නෙමේනේ. දැනට සාමාජිකයන් කී දෙනෙක් ඉන්නවද?

ඔව් මම මේක ආරම්භකළේ තනිව වුණාට සීමිත පිරිසක් අපි මම එක්ක මුල් කාලයේ එකතු වුණා. අද වෙනකොට ඒ පිරිස 55ක් වනතුරු ඉහළ ගිහින් තියෙනවා. ඒ අය ලංකාව පුරාම ඉන්න අය. එහිදී හඩකැවීම, සංස්කරණය, ගායනය, නිවේදනය, වැනි විවිධ අංශ මගින් එයාලා  අපි එක්ක එකතුවෙලා ඉන්නවා.

 

මේ ගතකරපු කාලය ගැන මතක්කරොත්?

දැනට මම Flitz  එක්ක Podcasts පටන් අරගෙන අවුරුදු දෙකකට වැඩියි. අපි අපේ උපන්දිනය සැමරුවේ විහාරමහාදේවි උද්‍යානයේදී. ඒකෙදි මම කියන්න ඹ්නේ මෙතෙක් ලංකාවේ Podcasts වැඩසටහන් වශයෙන් තිබුණත් Podcasts නාලිකාවක් විදියට Apple Podcasts සේවාව තුල ක්‍රියාත්මක වෙන්නෙ Flitz  විතරයි. ඒ වගේම මේ කාල සීමාව තුල මට හැකියාව ලැබුනා විනෝදාස්වාදය සඳහා Podcasts නිර්මාණ කරුවෙක් විදියට කටයුතු කරන්න. ඒ වගේම ලංකාවේ මුල්ම romantic podcast show එක , ලංකාවෙ මුල්ම podcast ශ්‍රව්‍ය  කතා මාලාවලංකාවෙ මුල්ම podcast වාර්තා වැඩසටහන සහ තවත් ලංකාවේ මේ ක්ෂේත්‍රයේ මුල්ම වතාවට සිදුවන නිර්මාණ කිහිපයක් බිහිකරන්න මට අවස්ථාව ලැබුනා.

 

මේ වෙනකොට මොනවද Flitz  ලබාගෙන තියෙන ජයග්‍රහණ?

 

මගේ වෘත්තියමය ජීවිතේ සිදුවන වැදගත්ම සහ සිත් ඇදගන්නාසුලු ලැබීම් තමයි ඒ දේවල් කීවොත් මම නිවැරදියි. 2021 වර්ෂයේ ඉන්දියාවේ Hubhopper ආයතනය මගින් පවත්වපු "Hubhopper Podcast" සම්මාන උළෙලේ best story telling Podcast  අංශයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන  අවසාන  වටයට පිවිසීමට අපිට හැකිවුණා. එමෙන්ම එහි දෙවන ස්ථානය අපි ලබා ගත්තා‍.

 


මොනවද ඉදිරි බලාපොරොත්තු?

දැනට සිදුකරගෙන යන වැඩ කටයුතු ටික වගේම ඉදිරියේදිත් ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට නැවුම් සහ සුවිශේෂී රසාස්වාද අත්දැකීම් රැසක් ලබා දෙන්න Flitz  කණ්ඩායම සූදානම්වෙලා ඉන්නවා.

 

Flitz  අලුතින් අහන කෙනෙක්ට කොහොමද අහන්නේ?

ඹ්නෙම කෙනෙක්ට අන්තර්ජාලයේ Podcasts ශ්‍රවණය කළ හැකි ඹ්නෑම සේවාවකින් Flitz  අහන්න පුළුවන්. ඒ වගේම අපි එක්ක එකතු වෙන්න පුළවන්. නව විශේෂාංග තියෙනවනම් අපිට දැනුම්දෙන්න. ඔබේ හැකියාවට අපේ ඉඩක් දෙන්නත් අපි සූදානමින් ඉන්නවා.  ඒ සදහා අපේ Flitz  facebook පිටුව හරහා ඔබට අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා.

Apple Podcast: https://podcasts.apple.com/lk/channel/flitz/id6442672160

Facebook: https://www.facebook.com/flitzlk/

Instagram: https://www.instagram.com/flitzlk/

තෙරුණි ද සිල්වා (අනිද්දා පුවත්පත)

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060


Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2