බදලත්ථලී මංගල නිමංග හදපු හැටි….

බදලත්ථලී මංගල නිමංග හදපු හැටි අපිත් එක්ක කියපු හැටි.....  


මම නිශාන් මංගල ජයසිංහ.. අම්මයි අයියයි තමයි මගේ පවුලේ ඉන්නේ, අප්පච්චි ජීවතුන් අතර නැහැ. මම ඉපදෙන්නේ ගොකරැල්ලේ. මම ගමක ජීවත් වුණු මිනිහෙක්. අදටත් එහෙම තමයි. මම පොඩි කාලේ අපේ පැත්තට විදුලිය තිබ්බෙ නෑ. ඉතින් හවසට මම ගෙදර පිල උඩට වෙලා පොඩි ලී කෑල්ලක් අරගෙන නිවේදන කටයුතු කරනවලු. සින්දු කියනවලු. ඒ කාලේ ඉදන්ම මගේ ඒ පැත්තට පොඩි නැඹුරුවක් තිබිලා තියෙනවා. මගේ ඒ අතීත සමහර මතකයන් අදටත්  මට බොහොම සතුටින් මතක් කරන්න පුළුවන්

 

පාසල් අවධිය

    ඉබිබාගමුව ආදර්ශ මහා විද්‍යාලය තමයි මගේ ප්‍රාථමික පාසල. ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා මම ගියා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට. හැබැයි ගෙදරදි සින්දු කියලා හිටියට ඒ පැත්තෙන්  පාසල තුළ එතරම් කැපී පෙනුන චරිතයක් නෙවේ කියලා මම හිතනවා. මොකද  මම ඉගෙනුමට අවධානය  දුන්නු කෙනෙක්. ඒත් මම 06 ශ්‍රේණියේ වගේ ඉද්දි ඉබ්බාගමුව විද්‍යාලයේ  2003 කණ්ඩායමේ අයියලා ව්‍යාපෘතියක් විදිහට  බදලත්ථලී නමින්  ප්‍රාදේශීය විකාශයක් විදිහට ගුවන්විදුලියක් ආරම්භ කළා. ඒ තමයි මගේ හැරවුම් ලක්ෂය. ඒ ගුවන් විදුලියේ කටහඩ පරීක්ෂණයක් පැවැත්වුවා. මමත් ආසාවට ඒකට ගියා කොහොම හරි ඒක සමත්වෙලා මට එහි නිවේදනය කරන්න පොඩි අවස්ථාවක්  ලැබුණා. එහි පොඩි ගීත ඉල්ලීම් වැඩසටහනක් තමයි මම කරේ. ඒ කාලෙ  පාසලේ සේවය කරපු ජයරත්න බණ්ඩාර කියන සර් තමයි මට මේ අවස්ථාව දෙන්නෙ මට මේ ගමනට එතුමා ලොකු ශක්තියක් වුණා. අනිත් දේ මට මතකයි මම පුංචි කාලේ ඉස්කෝලෙදි පන්තිය  ඉස්සරහ අපිට පෙළ පොත් කියවන්න දෙනවා, මම තමයි හැමදාම වගේ පැනලා ඒ රාජකාරිය බාර ගන්නේ..  ඒ කාලෙත් මට හිතුන දෙයක් තමයි තව කෙනෙක් මම කියන දේ අහගෙන ඉන්න ආස ඇති කියන සිතුවිල්ල.

 

බදලත්ථලී නිශාන් මංගල කොහොමද කොළඹට ආවේ?

මම කුඩා කාලෙ සිටම අපේ ගමේ පන්සලත් එක්ක සමීප සබදකමක් තිබ්බා. තවමත් එහෙමයි, දහම් පාසල් ගුරුවරයකු විදියටත් මම කාලයක් උගන්වලා තියෙනවා.ඒ එක්කම පන්සලේ තිබුණ ආගමික වැඩ එක්ක මංගල කියන්නේ කවුද කියලා ගමේ වගේම පිට ගොඩක් අයත් දැනගත්තා. ඔය අතරතුරේ 2009 විතර අන්තර් පුස්තකාල නාට්‍ය තරගාවලියක් තිබ්බා මට ඒකෙ ලොකු වැඩක් කරන්න අවස්තාව ලැබුනා. ඔය කාලෙදිම තමා සත් එෆ් එම් එකට නිවේදකයො ගන්නවා කියන ආරංචියට මම අයදුම්පතක් යොමු කරලා තිබ්බෙ.කොහොම හරි ඒ නාට්‍යයේ පුහුණුවීම් කරන අතරතුර මට මගේ යාළුවගේ ගෙදරින් දුරකථන ඇමතුමක් එනවා මගේ නමට ලියුමක් ආවා කියලා සත් fm එකෙන් ඉන්ටර්විව් එකකට, ඉතින් මම ජීවිතේ ප්‍රථම වතාවට මාධ්‍ය රස්සාවක් හොයාගන්න බලාපොරොත්තුවෙන් කොළඹ එනවා ඒ මම ගුවන් විදුලියකට එන පළමු අත්දැකීම. ඒක අපි වගේ ගමේ කොල්ලෙක්ට ලොකු දෙයක්. හැබැයි එතනින් මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ, ඒත් මම වැඩේ අත ඇරියෙ නෑ.හිශාන් සුමීර අයිය තමයි මාව එදා ඉන්ටර්විව් කලේ,ඒ කාල වකවානුව වෙද්දි මගෙ සමකාලීන මිත්‍රයෙක් වුන භාරත ඒකේ වැඩ කලා.. මට තිබුනේ අපේ භාෂාවෙන් කියනවනම් මීඩියා උනක්. මම සාමාන්‍ය පෙළ ඉහළ සාමාර්ථ එක්ක පාස් වෙලා විද්‍යා අංශයෙන් උසස් පෙළ ලීවේ. නමුත් ඕනෙ වුණේ මාධ්‍යට එන්න. ඒ නිසාම මම ගම අත ඇරලා සංචාරක ආයතනයක සේවය කරන්න 2010 මුල් කාර්තුවේ  වේයන්ගොඩට  එනවා. ඒ ඇවිත් රැකියාව එක්කම මාධ්‍ය හදාරනවා. ඒ හරහා තමයි මට මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්පොත් තියන්න අවස්ථාව ලැබෙන්නේ.

 


ඒ ගැන කිව්වොත්?

මම කරපු පාඨමාලාවේ ක්ෂේත්‍ර චාරිකාව ගියේ නෙත් ගුවන් විදුලියට. මට අද වගේ මතකයි එදා ඔන් එයාර් බීම් එකේ හිටියේ  මනෝජ් උදටියාවල අයියා. එයා අපිට විස්තර කරා ඒ ගැන. චන්දිම දර්ශනාත් සූරියආරච්චි මහත්මයා තමයි අපිව එක්කගෙන ගියේ. පසුකාලීනව මම නෙත් එෆ්එම් ගුවන් විදුලියට සම්බන්ධ වෙද්දී ඔහු තමයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා විදියට කටයුතු කළේ. මට මතකයි මුලින්ම ගුවන් විදුලියක කියලා සේවය කරපු සියත fm නාලිකාවට යන්න මට මඟ පෙන්නුවේ 2002 බදලත්ථලී එකේ හිටපු නිවේදකයෙක් වුණූ මංගල ජයමාන්න අයියා ඔහු  මට ප්‍රසන්න ජයනෙත්ති මහත්මයා හදුන්වා දෙනවා. ඒ අනුව එහි  සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වෙලා මම සිතය ගුවන්විදුලියට එකතුවෙනවා. ඒ ගමනෙදි මම මුලින්ම dj ෂාන් වුණා. පස්සෙ සියතෙන් අයින් වෙලා 2014 නෙත් fm එකට ආවහම  dj  සචින් වුණා. නෙත් ගුවන් විදුලියේ පහන් කන්ද බෞද්ධ වැඩසටහන් කරා.ආයෙත් වතාවක් නෙත් නාලිකාව අතහැරල මම 2018  සියතට එනව.ඒ අරවින්ද ලොකුගේ කියන දැවැන්ත චරිතය ඉන්නෙ සියතෙ කියන ආරංචියත් එක්ක,එ ආපු ගමනෙදි මට සියත  රූපවාහිනියට සම්බන්ධ වෙන්නත්  අවස්ථාව ලැබුණා.ඒ ගමනට පාර කියපු සියත tvඑකේ තිසංක  අරවින්ද ලොකුගේ  අයියා මට ලොකු ශක්තියක් වුනා

 

නිශාන් මංගල වෙන්නේ කොහොමද?

ඔය කාලේ තමයි අරවින්ද අයියා මට කියන්න ප්‍රවෘත්ති කියන නිසා දිගටම නිව්ස් division එකේ ඉන්න කියලා,ලොක්ක කීවහම නොකර බෑනේ ඉතිං මම ගියා නිව්ස් එකට.හැබැයි මම ලොකූ කැමත්තකින් නෙවේ ප්‍රවෘත්ති අංශයේ පූර්ණ  කාලීන සේවයට එක් වෙන්නේ. කොහොමහරි නිවස් එකේ වැඩත් එක්කම නිශාන් මංගල ජයසිංහ කියන නමින්  මාව ගොඩ දෙනෙක් හඳුනාගන්නවා,මගේ හඩත් එක්ක මම කවුද කියන එක එලියට එන්නෙ එතනින්.එතන ඉදල මම නිව්ස් කියන මංගල.

 

නිමංග ක්‍රියේෂන් හැදෙන්නේ කොහොමද?


2022 පෙබරවාරි මාසේ දවසක් මම මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලනවා. පෞද්ගලික හේතුවක් මත මාධ්‍ය ක්ෂේත්‍රයට ආයුබෝවන් කියලා මගේම කියලා දෙයක් කරන්න හිතාගෙන මම කොළඹ අත අරිනවා. ඒ අවස්ථාවේ යෝධ හෙවනැල්ලක් වගේ අම්මා මගේ ළග ඉන්නවා. මට නිමංග ක්‍රියේෂන්ස් ආරම්භ කරන්න මුලික ධනය ලබා දෙනවා සහ ඒ ගමනෙදි උදව් කරනවා.

එන් සී ස්ටූඩියෝ කියන්නේ මොකක්ද?

එන් සී ස්ටුඩියෝ කියන්නේ මගේ හීනයක්. මගේ හිතේ හැමදාම තිබුණු දෙයක් තමයි මීඩියා වැඩක් කරන්න නම් අපි යන්න ඕනෙ කොළඹ. ඒ් හිඩැස පුරවන්න තමයි මට අවශ්‍ය වුනේ. ප්‍රායෝගික පුහුණුවකට හෝ ශබ්ද පටිගත කිරීමක් කරන්න ගම්වල අවස්තාව අඩුයි. කොළඹ තියෙන තාක්ෂණය ගමට ගෙනත් හැකියාවෙන් පිරුණු පිරිසකට හැකියා වැඩිදියුණු කරන්න තැනක් හදන බලාපොරොතුව එක්ක මම වැඩේ ආරම්භ කරනවා. ඒ විතරක් නෙවේ මම මගේ හැකියාව අගය කරන හා විශ්වාස කරන කෙනෙක්. ඒ හඩ එක්ක පොඩි පොඩි වෙළෙඳ දැන්වීම් මම කරලා තිබුනා. ඒ නිසා දැන්වීම්කරණය නව මානයකට ගේන්න මට ඕනෙ වුනා. එහි අඩිතාලම හරහා තමයි එන් සී ස්ටූඩියෝ ආරම්භ කරන්නෙ.  තව නොබෝ කාලයකින් එන් සී හවුස් ඇකැඩමි නමින් අධ්‍යාපන ආයතනයක් ඇරඹීමට කටයුතු සූදානම් කරගෙන යනවා.

 

එන් සී හවුස් එකෙන් මොනවද කරලා තියෙන වැඩ දැනට?

"හතු පිපෙන වීඩීයෝ දැන්වීම්කරණයේ කොලිටි වැඩකට අපිට කතා කරන්න" කියලා තමයි මම කියන්නේ. අපේ අවුරුදු ගාණක මහන්සිය. අත්දැකීම්වලින් මම මේ වැඩේකරන්නේ. ක්ෂෙත්‍රය හෑල්ලු නොකර නිසි වටිනාකමකින් යුතුව මම නිර්මාණ කරන්නේ. ඒ පිළිබඳව මම වගකීම ගන්නවා. ඒක මේ සාමාන්‍ය දුරකථනයෙන් කරන වැඩක් නෙවේ. නවීන තාක්ෂණය එක්ක සාධාරණ මුදලකට කොලිටි වැඩක් කරනවා. දැනට අපි දැන්වීම් ක්ෂේත්‍රයේ හිටියට තවත් විවිධ ක්‌‌ෂේත්‍ර ගණනාවකට විහිදුවන්න බලාපොරොත්තුවෙනවා.

දැනට එන්සී හවුස් එකෙන් කොයිතරම් ප්‍රමාණයක් දැන්වීම් නිර්මාණය වෙලා තියෙනවද?

මම මෙය නිල වශයෙන් ආරම්භ කරලා ටික කාලයයි. ඒ් කාලය තුළ දැන්වීම් 300කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. මගේ හැකියාවන් විශ්වාස කරලා බොහෝ පිරිසක් මම එක්ක එකතුවෙලා තියෙනවා. ඒ හැමෝටම මම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. සමහර අවස්ථා තියෙනවා මට කරගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු. ඒත් මම පුලුවන් තරම් උත්සාහ කරනවා එහෙම නොකර ඉන්න. තව දියුණු වෙමින් නව සේවකයන් බදවා ගනිමින් අපේ ගමන අපි පුළුල් කරනවා. 

මීඩියා වගේ ක්ෂේත්‍රයක හිටපු කෙනෙක් ඒ ගමන අත ඇරලා තනිවම දැන් මේ යන ගමන ගැන කිව්වොත්?


මීඩියා ෆීල්ඩ් එක අත ඇරලා එලියට එනවා කියන එක සැහෑන්නෙ  අමාරු වැඩක්,හරියටම කිව්වොත් ඇගෙන් ඇටයක් ගන්නවා වගේ වැඩක් .කාලයක් තිස්සේ අපි එකට බද්ධ වෙලා ඉන්නේ.හැබැයි මට දැන් හිතෙනවා ඇයි මම මේ දේ කලින් කරේ නැත්තේ කියලා. මාධ්‍ය ක්ෂේත්‍රය මට ලොකු අත්දැකීම් ගොඩක් දුන්නු තැනක්. නමුත් මම එක තැනක කොටු වුනු එක ගැන මම පසුතැවෙනවා. කමක්නෑ දැනට මම සාර්ථක ගමනක් යනවා. ඒ නිසාම මම හැම වෙලේම හැමෝටම කියන්නේ ජීවිතේ මොන ප්‍රශ්න ගැටලු ආවත් තමන් ගැන විශ්වාසය නැති කරගන්න එපා. තමන් තමන්ට ආදරේ කරන්න. වැටෙන තැන්වල වැටිලම ඉන්න එපා. හැමදේම අත්දැකීමක් කරගෙන නැගී සිටින්න කියන දේ.

 


මේ ගමනෙ අමතක නොවෙන දෙවල් සහ පුද්ගලයන් ගැන කීවොත් අවසාන වශයෙන්?

 

මුලින්ම මගෙ අම්මා. ඒත් එක්ක මාධ්‍ය ක්ෂේත්‍රයට මාව පාසල් කාලයේදීම යොමු කරපු,අවස්ථාව දීපු ආදරණීය ගුරුතුමන් ජයරත්න බණ්ඩාර සර්,සියතට එන්න මට පාර පෙන්නපු  මංගල ජයමාන්න අයියා,එවකට සියත fm  අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල  ප්‍රසන්න ජයනෙත්ති මහතා,චානක අමරකෝන් අයියා කසුන් තෝමස්,අරවින්ද ලොකුගේ මහතා, සියත ටීවී එකට පාර පෙන්නපු තිසංක හේවාවෙල්ලාලගේ තිළිණි පූර්ණිමා, බීනෝලි ජයමාලි ,නෙත් fm සේවය කරද්දි මගෙ dgm  චන්දිම දර්ශනාත් සූරියආරච්චි මහතා.. වරුණ, දර්ශන,ලක්ශිත, සමීර, තාරක, සචිනි, බිනෝලි, සුරේශ් බොස්, ඇන්, හර්ෂි අක්කා කියන කට්ටිය.මගේම සහෝදරය වගේ ඉන්න ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අමිල මැදවත්ත මල්ලි ,

සියත නාලිකාවේ චතුර,නිශාන්ත හේවාමද්දුම අයියා.නම් සදහන් නොවුන ගොඩක් පිරිසක් ඉන්නවා සෑම මාධ්‍ය ආයතනයකම මට මොනයම්ම විදිහකින් හරි උදව්වක් වුන,කකුලෙන් ඇද්ද වචනෙකි හරි උදව්වක් වුනොත් හැමෝටම ස්තුති වෙන්න ඕනේ.

2022/02/12 කියන්නෙ මගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කවදාවත් අමතක නොවන,

අද මම ඉන්න තැනට එන්න හොදම මෝටිවේශන් එක තමයි එදාවුන දේ.

 



කොහොමද එන්සී හවුස් එක සමග සම්බන්ධ වෙන්නෙ?

මගේ පේජ් එක තියෙනවා https://www.facebook.com/nimangacreation

මගේ ෆේස්බුක් ගිණුම Nishan mangala jayasinghe https://www.facebook.com/nimanga

මගේ දුරකතන අංකය 0702496411 / 0775543153


තෙරුණි ද සිල්වා

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060


1 Comments

Previous Post Next Post

POST ADS1

POST ADS 2