"නයිට් මේල් දෙක ගියාට පස්සෙ හිටියෙ අපි දෙන්නා විතරයි.. මහ රෑ වැස්සෙ ඇහුණ අමුතු සද්දෙ බලන්න ගිය ගෝලයා ගියාට වඩා වේගෙන් ආපහු ආවා.." - එදා ගලබොඩ දුම්රිය ස්ථානාධිපති අත්දැකීමක් හෙළිකරයි



 ුම්රිය කියන්නේම නෙත් සිත් පැහැර ගන්නා, සැවොම කැමති දෙයකි. දුම්රි හා සබැඳි රස කතා අනන්ත අප්‍රමාණය. අද කතා කරන්නේ දැනට මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති රංග ලක්මාල් මහතාගේ අත්දැකීමකි.



එවකට ඔහු (මෙහෙයුම් පුහුණු) වශයෙන් සේවය ක ඇත්තේ ගලබොඩ දුම්රිය ස්ථානයේය. එදවස මෙන්ම අදවන විටත් අඩු පහසුකම් ඇති දුම්රිය ස්ථානයක් වන ගලබොඩ දුම්රිය නැවතුම්පොළ එදවස අදටත් වඩා දුෂ්කරය. එවක එහි හැමදෙනාම හඳුනන ආනන්දගේ කඩේ හැරුණු කොට තිබී ඇත්තේ තවත් එක් කඩයක් පමණක් බව රංග මහතා පවසයි. බස් එකක් ගන්නවා නම් වැවේගම දක්වා පා ගමනින් යා යුතු වූ අතර එසේ නොවන්නේ නම් තේ ලොරියක එල්ලී යා යුතුව තිබිණි. නැත්නම් වැවේගමින්ද බස් රථයක් අල්ලා ගත නොහැකි වන්නේ බස් රථ නොමැතිවීමෙනි. කරන කටයුතු සියල්ල දවල් එළියෙන් කරගැනීම කාගෙ කාගෙත් බලාපොරොත්තුවයි. බොහෝ විට ගලබඩ මිනිසුන් ගමන් බිමන්‍ යන්නෙ දුම්රියෙනි. ඒ නිසාම ගම හා දුම්රියපොළ අතර සම්බන්ධකම් බොහෝය. මේ කතාවත් අලුත් බැඳීමක් ඇරඹූ කතාවක් කීවොත් මා නිවැරැදිය.



එදා ගලබඩ දුම්රිය පොළේ අවසානයේ ඉතිරිව සිට ඇත්තේ රංග මහතා හා ඔහුගේ ගෝල ප්‍රියන්ත කොලුවාය. රාත්‍රී සේවා වාරය භාරව සිටි රංග මහතා නයිට් මේල් දෙක ගලබඩින් මාරු වී ගියායින් පසුව කෙටි විවේකයකට සූදානම් විය. ගලබඩ පැත්තට වැස්ස කියන්නේම සාමාන්‍ය දෙයකි. එදා වෙනස් දවසක් වූයේ පුරුදු සීතල චුරු චුරු වැස්ස වෙනුවට පැවති නා කපනා වැස්සය. සීතල එක්කම තදින් දැනුණු වෙහෙසට පුරුදු පරිදි දොරවල් වසා තියෙන මේසේ උඩම බෙඩ් ෂීට් එකක් එලා ගත්තේ පොඩි නින්දකටය. යුනිෆෝර්ම් කලිසමෙන්ම නිදා සිටින විට අවටින් අමුතු අමුත් සද්ද ටිකක් ඇසුණද ගන් නොගත්තේ වැස්ස තිබුණද පදිකයන් හෝ ගම්වාසීන්  දුම්රිය පොළ වෙත පැමිණීම සාමාන්‍ය බැවිනි.



කෙසේවෙතත් ඒ මොහොතේ දැනුණු අමුත්තත් එක්කම රංග ගෝලයාට කීවේ "කවුද ඉන්නෙ කියලා පොඩ්ඩක් බලන්න තද වැස්ස එක්ක කවුරු ආවත් කිසිවක් පේන්නෙත් නෑ අවධානමට පෙර සූදානම" ලෙසය. තට්ටු තුනේ ජනේලයෙන් එළිය පේන උඩ කොටසින් ප්‍රියන්ත එළිය බලා කීවේ,

"මහත්තයා කවුද ගෑනියෙක්.. රෙද්දක් එලනවා නිදාගන්න වෙන්න මයෙ හිතේ" බවය.

"හා එහෙනම්. පව් මිනිස්සු මේ වෙලාවෙ කොහෙ යන්නද" කියා නිහවූ රංග මහතා ඇලවීහැ පොඩ්ඩක් පියවීගෙන එන කොට නිකන් කෙඳිරිලි ශබ්දයක් ඇහෙන්න පටන් ගෙන තිබූ නිසා ආ හඬට කන් දෙන්නට විය.  බැරිම තැන වැඩ කරන ගෝලයාට කථා කර "කෙඳිරිලි හඬක් ඇහෙනවා පොඩ්ඩක් බලනවා ගිහින්" යනුවෙන් කියා තිබේ.

 නිදි ගැට කඩ කඩ නැගිට්ට ප්‍රියන්ත මොකක්ද බලන්න ගිහින් ගියාට වඩා වේගෙන් දුවගෙන ආවේය..

මහත්තයා මාර වැඩක්නෙ.

ඇයි මොකක්ද සද්දෙ?

අර රෙද්ද එළපු උන්දැට මයෙක් ලැබෙන්න වගෙයි යන්නේ?

"යකඩෝ මේ තද වැස්සේ ඉස්පිරිතාලයක් පේන තෙක් මානේ නැතිව දරුවෙක් ලැබෙනවා කියන්නෙ? හිතාගන්න බරුව රංග නැවත ඇසුවේ "ඇත්තමද බං" යනුවෙනි.

"මහත්තයා සහතිකයි. යමු බලන්න" කීවේය.

රංගත් එය බලන්න යනවිට දුටුවේ ඇස් විශ්වාස  නොකරන්නකි. ගෝලයා නිවැරැදිය. කාන්තාවන් දෙදෙනෙකි. මයා ලැබෙන්න ඉන්න කාන්තාවත් තවත් ගෑනු කෙනකුත්ය.

දෙයියෝ බුදුන් සිහුවුණු රංග කල්පනා කළේ කළයුතු දෙයයි. ළියට යන්නත් බැරිය. කාන්තාවන් අපහසුතාවට පත් කරන්නද බැරිය.  මේ වෙලාව කරන්න උදව්වකුත් නැතිය.  වෛද්‍යවරයකු හෝ වාහනයක්වත් නැත. ගෙන්නන්නත් බැරිය. එහෙන් හොඳටම වැස්සය. කල්පනාවත් එක්කම නිශ්ශබ්ද වීමට සිතා ගත්තේය.

පාන්දර දෙකට විතර අර අම්මා කෑමොර දෙන්නට විය. අනුන්ගේ තැනක බයෙන් දරුවකු වදන්නට වන සූදානම ගැන කියන්නට තබා හිතන්නටවත් හැකි නොවනු ඇත. ඒත් එය එසේ සිදුවෙමින් පැවතිණි. සීතල පොළොවෙ එලපු චීත්තයක ඒ අම්මා බෙරිහන් දෙමින් සිටියාය. පාන්දර දෙක හමාරට විතර සියල්ල මොහොතකට නතර විය. පාළු දුම්රියපොළක කුඩා බිළිඳෙක් කෑමොර දුන්නේය. රංගට මතක් වූයේ ජේසු බිළිඳාය. එදාත් මෙලෙස වන්නට ඇත. ටික වේලාවකින් දොරට තට්ටු කරන හඇසිණි.

"රංබලන්න" කියන්නත් කලින් ප්‍රියන්ත දොර ඇරිය මොහොතෙම කැඩුණු සිංහලෙන් කතුරක් ඉල්ලන්න කාන්තාවක් දොරකඩ හිටගෙන හිටියේය.  දරුවා මවගෙන් වෙන් කරන්න. ඒ කියන්නේ පෙකණිවැල කපන්න කතුරක් ඉල්ලගෙන ආපු කාන්තාවට කතුර දෙන්නට දගලන ප්‍රියන්ත දැක්ක රංගට තරු පෙනිණි

"ඕයි, ප්‍රියන්ත තමුසෙට පිස්සුද ඔය කතුරු දෙන්න?"

"නේ මාතියා මේක එච්චර වෙඩ නෙවේ. අපේ ලයිම්වල අනන්තවත් මයි ම්බ වෙනවා. පය වෙන්ඩ යෙපා."

ඒ එක්කම අර දමිළ  කාන්තාව පින්සෙන්ඩු වෙන්නේ කතුරක් ඉල්ලමිනි.

"පරණ කතුරකින් පෙකණිවැල කපපු නිසා පිට ගැස්ම හැදුණොත් විබීජයක් ගියොත් මොනවද කරන්නෙ. හිතාගන්න වෙලාවකුත් නෑ.."

ඒ අතර රංග මහත්මා විසින් බෙඩ් ෂීට් එකක් මව සහ අලුත උපන් දරුවාට ලබා දෙන්නට විය. ගෝල ප්‍රියන්ත අනෙක් කළමනා සකසන අතරතුර එළිවෙන තප්පරේ බිළිඳා හා මව රෝහලට යැවීමට අවශ්‍ය කටයුතු සලසන්නට රංග මහන්සි විය. ඒ බව දරුවාගේ නැන්දණියටත් සහතික කරමින් කතුරෙන් පෙකනි වැල නොකපා තබා ගත්තේය..

ඒ අනුව අර කාන්තාවගෙන් වේලපහ ඉස්පිරිතාලේ නොගිය හේතුව විමසන්නට අමතක නොකළේය. ඒ අනුව ඇය දමි බසින් පැවසුවේ 'නංගිගෙ මහත්තයා කොළඹ රැකියාව කරන බවත් ඔහු නොපැමිණීම නිසා රෝහට රැගෙන යෑමට නොහැකි වූ බව'ත්ය.

"සර් නම්ම තංඟච්චි පුරුෂන් කොළම්බුලේ වේලේ සෙයියරදු. පුරුෂන් වර ඉල්ලේ දොරේ. ආස්පතිලේ කොන්ඩපෝරුදු  කාෂි ඉල්ලේ අයියා. එන්නා සෙයියරදු."

"පාන්දර 5.30 පමණ වන විට රේල්පාර දිගේ පු, බීපු මිනිහෙක් ඇවිත් ප්‍රියන්තගෙන් අපේ නෝනා ආවද කියලා ඇහුවෙ ඒ වෙලාවෙ. ඒ අර කාන්තාවගේ සැමියා. ඒ වෙලාවෙ මට වඩා කේන්ති ගත්තු මගේ ගෝලයා මට කියනවා 'මහත්තයා මම මූට දෙකක් නෙලන්නද? බලන්න ගෑනි අරහේ දුක් විඳිනවා. මු හොඳට බීලා පිස්සු කෙලිනවා.'"

"තමුසේ මේ අස්සේ ඕවා කරන්න එපා. ඔය යකාට අම්මව පෙන්නනවා." රංග කීවේය.

"ප්‍රියන්ත මිනිහට අර ගෑනි ඉන්න තැන කිව්වා විතරයි මනුස්සයා දිව්වා."

ඒත් එක්ක ඊළඟට එන්න තියෙන නාවලපිටිය කෝච්චිය තියෙන්නේ උදේ හයට. නාවලපිටිය ස්ටේෂන් එකට ඒ වෙලාවේ රංග මහත්මා ගත් දුරකථන ඇමතුමට එහා පසින් එවකට සිටි රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

ඒ අනුව  ඔහු පොරොන්දු දුන් අයුරින්ම කෝච්චිය නාවලපිටියට එනවිට ඇම්බියුලන්ස් රථයක් රෝහලෙන් ගෙනත් තිබුණේය.

එතනින් නොනැවතුණු රංග මහතා ටවල ස්ටේෂන් එකට කථා කර සිද්ධිය කියමින් පැවසා තිබුණේ 'ම්මයි දරුවයි කෝච්චියට පටවන්න තියෙනවා කියලා නියාමක මහත්තයා (මේ වන විට නැසී ගිය ධර්මසිරි මහතා) දැනුවත් කරන්න' කියලා.

"මේ කොහොම වුත් මේ වනවිටත් පෙකණි වැල කපා තිබුණේ නෑ ඒ නිසා ස්ටේෂන් එකේ ස්ටෙචර් එකේ කෙහෙල් කො එලලා මයයි අම්මයි තිබ්බා. ඊට පස්සේ හෙඩ් ගාඩ් මැදිරිය ඇතුළෙන් ස්ටෙචර් එක තිබ්බා. ඒ එක්කම අර මනුස්සයගේ අක්කයි, මනුස්සයි දෙන්නම නැග්ගුවා කෝච්චි පෙට්ටියට.. කෝච්චිය නාවලපිටියට යද්දි වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක්, අම්මයි දරුවයි බලාපොරොත්තුවෙන් හිටියා. කට්ටියම හෙඩ්ගාඩ් පෙට්ටියට නැගලා පෙකණි වැල කපලා දරුවවයි අම්මයි රෝහලට අරන් යන්න කටයුතු සැලැස්වුවා"

සති දෙකකට විතර පසුව දරුවයි අම්මයි තාත්තයි තුන් දෙනාම ඇවිත් රංග මහත්මාගේ කකුල් අල්ලා වැගියෙ කඋදව්වට ස්තූති කරමිනි.

තෙරුණි ද සිල්වා.

මෙවැනි රස කතා ඇත්නම් අපිට කතා කරන්න.

076-2291538 

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060














1 Comments

Previous Post Next Post

POST ADS1

POST ADS 2