දිගු වරලසක කන්ද උඩරට රහස...






හු නමින් ප්‍රසන්න විජේරත්න නම් විය. කන්ද උඩරට දොඩම්වල පටුමග පාරම්පරික වෙද පරම්පරාවකින් පැවත එන ඔහු දොඩම්වල මධ්‍යමහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුගෙන් යුතු පවුලක දරුවකුවූ ප්‍රසන්නට පරම්පරාවෙන් එන අත් බෙහෙත් හා ඇතැම් පාරම්පරික වූ පවුලට ආවේණික වූ දැනුම ලැබුනේ සිය ආදරණීය මෑණියන්ගෙනි. මවගේ පාරම්පරික උරුමයන් සමග හැදී වැඩුනු ඔහු නිවෙසේ සොයුරියන්ගේ නීල වරල ගැන නිරන්තරයෙන් ආඩම්බරවන මෑණියන්ගේ සතුට දුටුවාය. හිසතෙල් ගෑමේ චාරිත්‍රහ සමග නිරන්තරයෙන් ප්‍රසන්නගේ මව තෙල් හිදීම හා එම තෙල් භාවිතා කිරීම සිදුවිය.

කාලයේ ඇවෑමෙන් ප්‍රසන්නගේ මුල්ම රැකියාව වූයේද රූපලාවන්‍යාගාරයකය. ඔහු එදවස රූපලාවාන්‍යාගාර සේවකයකු ලෙස විවිධ නවීන රූපලාවන්‍ය  බෙහෙත් වර්ග හා විවිධ කෘතිම ආලේපන දුටුවාය. ඒ අතර විවිධ අයුරින් කේෂලාවන්‍ය කරගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් හා ගැවසෙමින් සිය රාජකාරි සිදු කළාය.

 

ඒ අය අතර ඇතමෙක්ට තිබෙන ප්‍රශ්නය හිසකෙස් ගැලවී යෑමය. අකලට හිසකෙස් පැසීමය. තවත් අයෙකුගේ ගැටලුව නවීන පන්නයේ විලාසිතාවන්වලින් කිරීමෙන් පසු කෘතිම ආලේපන හේතුවෙන් හිසකෙස් ගැලවී යෑමය. ඇතැම් අවස්ථාවල ආයතනයේ ප්‍රධානියා විසින් ඔවුන් වෙත විවිධ ආකාරයේ බෙහෙත් වර්ග හා තෙල් වර්ග නිර්දේශ කළේය.

එදවස මව විසින් නිරන්තරයෙන් නිවෙසේ නිෂ්පාදනය කළ තෙල් වර්ගයක් සිය සොයුරියන්ට හා නෑදෑයින් වෙත ලබා දුන් අයුරුත් එයින් පසු කේෂය වර්ධනය වූ අයුරුත් ඒ මගින් සිදුවූ වෙනස්කම් නැවත නැවත මතක් වන්නට විය.


ඒ මතකයත් සමග මව සමග එක්ව කුඩා පරිමාණයෙන් තෙල් හිදීම ආරම්භ කිරීමට ඔහුට සිත් විය. ඒ කාලයේ සිට මේ වන විට අවුරුදු 25ක් 30ක් පමණ කාලයක් තිසිදු අතුරු ආබාධයකින් තොරව දෙස් විදෙස් පිරිස් වෙත ඖෂධීය කේෂ කල්‍යාණී තෛලය ඔහු විසින් පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේය. ආයුර්වේද වෛද්‍ය අනුමැතිය ඇතිව ලියාපදිංචි අංක මපස/මප්‍රලේ/2/2/4977 අංක යටතේ සෟඛ්‍ය නිර්දේශානුකූලව ඖෂධීය කේෂ කල්‍යාණී තෛලය  ප්‍රසන්න විජේරත්න මහතා විසින් සිදු කරයි.

 

පරම්පරා ගණනාවක් තිස්සේ පැවත එන කේෂ කල්‍යාණී තෛලයේ වට්ටෝරුව නිෂ්පාදනය වන්නේ කෙම් ක්‍රමයකට අනුව වන අතර  හිස ගල්වන ස්වාභාවික ඖෂධීය ශාකසාර රාශියකින් හෙබි තෛලයකි.


පිරිසුදු පොල්තෙල්, කරපිංචා, අරුද, ගොටුකොළ, කීකිරදිය, මොණරකුඩුම්බිය, රතු ළූනු, කෝමාරිකා වැනි ශාකසාරයන් හා නම සදහන් කළ නොහැකි බෙහෙත් වර්ග රාශියක් මෙහි අන්තර්ගතය.




මෙහි කිවයුතුම වෙනස නම් කේෂ කල්‍යාණි තෛලය ප්‍රසන්න මහතා විසින් නිර්මාංශ වෙමිනි සිත කය වචනය පිරිසුදුව නිෂ්පාදනය කරන බවත් ඒ සියලු තෙල් බෝතල් වෙළෙඳපොළට යැවීමට පෙරාතුව කන්ද උඩරට වැඩ වසන දළදා හාමුදුරුවන්ට පූජා කිරීමය.

මේ මඟින්

අකලට හිසකෙස් සුදුවීම සහ ගැලවීම වළක්වයි.

වයසට හිසකෙස් සුදු වීමේ වේගය අඩාල කරයි.

කේෂ මූලය පෝෂණය කරයි.

හිසකෙස් අග පැලීම මර්ධනය කරයි.‍

හිසකෙස් දුර්වල වීම හා අප්‍රාණික බව වලක්වයි.

හිසකෙස්හි වියලි ස්වාභාවය නැති කරයි.

හිස්හොරි මර්ධනය කරයි.

එපමණක් නොව හිසරදය, අක්ෂි දුර්වලතා, නින්න නොයෑම, පීනසය වැනි රෝගයන් ක්‍රමානුකූලවය නවතා හිසකෙස් සදහා නිසි පෝෂණයක් ලබා දෙයි‍.

නවීන පන්නයේ විලසිතාවලින් හිසකෙස්වලට යම් හානියක් සිදුව ඇත්නම් එය ඉතා ඉක්මනින් සකසා දෙයි.

මෙම ඖෂධීය කේෂ කල්‍යාණී තෛලය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සුදුසු වන්නකි. මෙම තෙල් හොදින් හිස්හි ගල්වා පැතිරයන සේ හොදින් සම්භාහනය කිරීමෙන් පසු දිගු වේලාවක් හිසේ රැදෙන්නට තැබීමෙන් පසු ස්නානය කිරීම වඩාත් සුදුසුය. මෙය පිරිසුදු පොල්තෙල්වලින් නිෂ්පාදනය කරන බැවින් සීත අධික කාලගුණ තත්ත්වයක් යටතේ උදෑසන කාලයේ හිස ගල්වා පැයක පමණ කාලයකින් සෝදා හැරීමෙන් ඇතිවන සෙම් තත්ත්වය වලක්වා ගත හැකිය.

 

නීරෝගීමත් කෙස් කලඹකට හිමිකම් කිවීමට නම් නිරන්තරයෙන් හිසට තෙල් ආලේප කිරීම අත්‍යවශ්‍ය වේ. ඒමෙන්ම හිසකෙස්වලට තෙල් දැමීමෙන් පසු කෙස් ගසේ මුල ඇගිලි තුඩ්‍රවලින් සියුම්ව පිරිමැදීම අවශ්‍යය. මෙම සත්කාරය සතියකට දෙවතාවක් පමණ සිදු කිරීම වඩාත් සුදුසු වන අතර තෙල් හිසේ රැදී තිබෙන විට කුනු දූවිලි  එකතුවන බැවින් දින ගනනක් හිසේ තබා ගැනීම නුසුදුසුය. පිරිසුදුකාරක මගින් හොදින් සෝදා හැරීමෙන් පසු කන්ඩිෂනර් කිරීම තුළින් හිසකෙස්හි ආරක්ෂාව තහවුරු කරගත හැකිය.

 

එපමණක් නොව ඖෂධීය කේෂ කල්‍යාණී තෛලය ඉතා පිරිසුදු තත්ත්වයේ පොල්තෙල් යොදා ගනිමින් කරනු ලබන නිෂ්පාදනයක් බැවින් අධීක පාරිසරික සීතල දේශගුණයකදී තෙල් මිදීම සිදුවිය හැකිය. එවිට තච අව්වේ තැබීමෙන් පසුව හෝ රත් කිරීමෙන් අනතුරුව භාවිත කිරීම සූදුසු වන අතර වැසි සහිත කාලයන්හි භාවිත කිරිෆමන් වැලකී සිටීම කළ යුතුය.

වර්ෂ ගණනාවක් දෙස් විදෙස්හි භාවිත කරන මෙම ඖෂධීය කේෂ කල්‍යාණී තෛලය ඔබටද ලබා ගැනීමට හැකිය. නම, ලිපිනය, දුරකථනය අංකය  අපට ලබා දීමෙන් පසු අප විසින් විස්තර පත්‍රිකාවක් සමගම එය ඔබේ නිවෙස වෙත ලබා දීමට අපගේ කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇතැයි අවසාන වශයෙන් පැවසූ ප්‍රසන්න මහතා එය භාවිතා කිරීමෙන් පසු ඔවුන් වෙත සිය අදහස් ලබා දීමට හැකියාව පවතින බවද සදහන් කළේය.  

 

තෙරුණි ද සිල්වා 

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060


Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2