"අධිෂ්ඨානය උනන්දුව එක්ක කැපකිරීමක් කරන්න පුළුවන්නම් විතරක් මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න." - සිරස නිවේදක චානුක බණ්ඩාර


- ගේ නම චානුක වීරකෝන්. පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මමයි, මගේ ආදරණීය බිරිදයි. එකා යකා කීවනම් හරි.  මගේ ගම තෙල්දෙණිය. මම පාසල් ගියේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට. කුඩා අවධියේ සිටම මම අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය බාහිර ක්‍රියා කරමින් හිටි කෙනෙක්. ඒ වෙනුවෙන් මගේ මවුපියන් වගේම මගේ ගුරුවරු මට ලොකු ශක්තියක් වුණා.

කුඩා කාලයේ සිටම අම්මගෙයි අප්පචිගෙයි හුරතලේ එකක් මම හැදුණේ. කවදාවත් මට දෙයක් ඉල්ලලා ගන්න වුවමනා වුණේ නෑ. එයාලා හැමදාම මගේ ළහෙවනැල්ලක් ව‌ගේ හිටියා වගේම කුඩා කාලයේ සිට අද වනතුරුම මගේ වුවමනා එපාකම් මටත් කලින් තේරුම් අරගෙන එයාලට පුළුවන් උපරිම අයුරින් කරලා දුන්නා. ඒ නිසාමද මන්දා මම අදටත් එයාලගේ ආදරේට හරි ලෝබයි වගේම එයාලා නැතිව මට බැහැ. අදටත් නිවාඩුවක් ලැබෙන ඕනෙම වෙලාවක මම යන්නේ මගේ ගමට. මගේ ගෙදරට. ගෙදර දැනෙන නිදහස මට මේ ලෝකේ කිසිම තැනක ලැබෙන්නේ නෑ කීවොත් හරි. 

මගේ ගම වුණත් හරිම ලස්සනයි. ඒ පැත්තේ ගිය කෙනෙක් නම් හැමෝම දන්නවා හරිම සෞම්‍ය කාලගුණයක් තිබෙන්නේ. කොළඹ ඇවිත් මේ ගෙවන ජීවිතේ එකක් මට මගේ ගම මගේ ගෙදර දැනෙන නිදහස වචන කරන්න මට බෑ.

මම පළමු වසරේ සිට අ.පො.ස. උසස්පෙළ දක්වාම  ගියේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට. එතනින් පස්සේ මම බැංකුකරණය පිළිබපාඨමාලාවක් හැදෑරුවා. හැමෝගේම වගේ මගේ අම්මගෙයි තාත්තගෙයි හීනයක් වුණේ මම බැංකු නිලධාරියකු වෙනවා බලන්න. මම එයාලගේ ඒ හීනය සැබෑ කළා. මම ඒ පිළිබඳව අධ්‍යයනයකින් අනතුරුව බැංකු නිලධාරියකු ලෙස සේවය කළා. දැනට මම කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටිනවා.



නිවේදන ක්ෂේත්‍රයට පැමිණීම ගැන කිව්වොත්?

2007 විතර මම මාධ්‍යයට එන්නේ. ඒ කියන්නේ මම හතර ශ්‍රේණියේ මුලින්ම පාසලේ සීනුව නාද වෙන කොට හිතු ආසාවක්. ආසාව තමයි මේ අද ඉන්න දැනට ගෙන ආවේ පාසලේ නිවේදන කටයුතු කරනවා මම පාසලේ මාධ්‍ය අංශයට සම්බන්ධ වෙනවා ඒ ගමන තමයි මේ

මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙන්න මොන කාලෙද?

ඒක වෙන්නේ 2007 අවසන් වාරය ඒ කියන්නේ නොවැම්බර් වගේ මම කඳුරට ගුවන් විදුලියේ ළමා නිවේදකයකු ලෙස සම්බන්ධ වෙනවා. 2014 2015 වෙනකම් මම එහි ළමා නිවේදකයෙක්. ඊට අමතරව විවිධ වැඩසටහන්ල මූලාරම්භකයකු ලෙස කටයුතු කළා.

දැන් ඉන්න තැන ගැන කිව්වොත්?

දැනට මම සේවය කරන්නේ ලංකාවේ හැමෝම විශ්වාස කරන දැවැන්ත මා ජාලයක් ලෙස සැලකෙන සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති අංශයේ Newsfirst එකේ. දැනට මම මේ ආයතනයට සම්බන්ධ වෙලා වසර 7කට වැඩියි. 2016 සිට Capital Maharaja සමූහයේ ප්‍රවෘත්ති අංශයේ සාමාජිකයෙක්.

නිවේදකයකු වීම ඔබටත් තිබුණ හීනයක්ද? එය සැබෑ වීමක්ද?

මගේ මුල් කාලය හැමෝගෙම තිබුණ හීනයක් වගේ මගේ තිබුණේ වෛද්‍යවරයෙක් වෙන්න. 2007 වගේ ඒක වෙනස්  වුණා. කාලයත් එක්ක මම පාසලේ බොහෝ ප්‍රසිද්ධ චරිතයක් වුණා. ඒ ගැන පොඩි ආඩම්බරයකුත් තිබුණා.කෙන් මාධ්‍ය ජීවිතේට ආශාවක් ආවා. මගේ ලොකු වුවමනාවක් තිබුණා උසස් පෙට මාධ්‍ය ඉගෙන ගන්න. ඒත් මවුපියන් නිසා මම් උසස් පෙළට මුහුණ දුන්නේ වාණිජ්‍ය විෂය ධාරාවෙන්. ඒත් ඒ අතර මම සමස්ත ලංකා නිවේදන අංශයේ තෙවන ස්ථානය ලබා ගත්තා.

ඒ මොන දේ කත් මම කැමති මාධ්‍ය ක්ෂේත්‍රයට නිසා ඒ වෙනුවෙන් ගමන් කරයි. අනෙක් දේවල් කරන ගමන් අවසානයේ අද මාව රටම දන්න සිරස නිවේදකයෙක් වෙලා තිබෙනවා නම් මගේ විතරක් නෙවේ අම්මාගේ අප්පච්චිගේ ඒ හීනෙ හැබෑ කරගෙන මේ හීනෙට ඇවිත් තිබෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා මට.

නිවේදන ක්ෂේත්‍රයට එන කෙනෙක්ට මොනවද කියන්න තියෙන්නේ?

ගුවන් විදුලියෙවත් රූපවාහිනියෙවත් දකින අහන දේ නෙවෙයි මාධ්‍ය කියන්නේ කියලා මුලින්ම කියන්න ඕනේ. ඒක ඊට එහා ගියපු එකක්. ලොකු ගැඹුරක් තිබෙන දෙයක්. අපිත් ප්‍රවෘත්ති මැදිරියේ මිනිස්සු ඉස්සරහට එන්න කලින් ගොඩක් දේවල් කරල සූදානම් වෙලා එන්නේ. ගුවන් විදුලියෙ වුණත් එහෙමයි. මාධ්‍යයට එනවනම් අනිවාර්යෙන්ම උනන්දුව හා කැපවීම තිබිය යුතුයි. රැයක් දවාලක් නිවාඩු දවසක් කියලා දෙයක් නැහැ. ඕනෑම අවස්ථාවක රටේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න වගකීම තිබෙනවා. මම අද මෙතනින් රාජකාරියේ වෙලාව දවස ඉවරවෙලා ගේට්ටුවෙන් එළියට ගියා කියලා මගේ භූමිකාව අවසන් වෙන්නේ නෑ. යම් තැනකදී අතරමඟදී හෝ ප්‍රවෘත්තිමය වටිනාකම තිබෙන දෙයක් මම දැක්කොත් එය වාර්තා කිරීමේ වගකීම සහ යුතුකමක් තිබෙනවා. ඒක රටක මාධ්‍ය ආයතනයක සේවය කරන්නකු හා මාධ්‍ය සමූහය සාමාජිකයකු වීමේ මහා යුතුකමක්. මාධ්‍ය කියන්නේ එහෙම දෙයක්. ඒක උණක් වගේ ඇඟේ තිබෙන්න ඕන. මට මේ උණ ගැනුණේ 2007. තාම හොඳ වෙලා නෑ. තව කාලයක් යනකන් තියෙයි. මේ ආයතනය හා කෙනෙක් සම්බන්ධ වුණත් කිසි ගුරුමුෂ්ටියකින් තොරව අපි හැමදේම කියලා දෙනවා. කැපවීම හා අධිෂ්ඨානය උනන්දුව එක්ක එන්න කැපකිරීමක් කරන්න බැරි නම් දරාගන්න බැරි නම් මේ ක්ෂේත්‍රයට එන්න එපා හිතන්නවත් එපා. ඇවිත් තව කෙනකුහේ වටිනා අවස්ථාවක් නැති කරන්නත් එපා කියලා ඉල්ලා සිටිනවා.

ජීවිතයේ ලැබුණු ජයග්‍රහණ ගැන කතා කළොත්?

ජීවිතයේ මම මගේ රාජකාරිය හා ඉන්න තැන ගැන සතුටු වෙනවා. ඒ වගේම ම මේ විදියට රටේ ජ්‍යේෂ්ඨ දේශපාලන හා විවිධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික විද්වතුන් සමග කටයුතු කරනවා. රාජකාරි මට්ටමෙන් සමහර තැන්වල මම හිතනවා අපි පොඩි කාලේ මන් කවුද කියලා කෙනෙක් අහනකොට මම අහවලා ගේ පුතා දුව කියලා කියනවා. පාසල් කාලයේ එහෙම කිව්වට එතනින් එහාට ගියාම මේ අරයගෙ තාත්තා නේද මේ අම්මා නේද කියලා කෙනෙක්ට යහපත් දේකදි පෙන්වලා දෙන්න පුළුවන්නම් නම් ඒ සතුට තමයි සතුට. ඉතින් මම ඒ සතුට ඒ දෙන්නට දීලා තිබෙනවා. ඒ දෙන්න ඒ ලබන සතුට මම පෞද්ගලිකව විඳිනවා. වගේ ලොකු ජයග්‍රහණයක් විදියට මේ මාධ්‍ය ජීවිතයේ සමස්ත ලංකා සම්මාන ලබලා තියෙනවා. පෞද්ගලිකව මම සම්මාන වෙනුවෙන් වැඩ කරල නෑ. මෙවර නම් කළා. එය තාමත් අවසන් නැහැ.




ගමනේ මතක් කළ යුතුම අය ඇති..?

මගේ මවුපියන් වගේ ගුරුවරු. දැන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ගත්තොත් විශේෂයෙන් Newsfirst විධායක සමූහ අධ්‍යක්ෂතුමා ඇතුළු නාළිකා ප්‍රධානතුමා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තුමන්ලා ඇතුළු මේ මොහොතේ මා එක්ක ඉන්න හැමෝම මතක් කරනවා. ඒ වගේම මම 2016 මේ ආයතනයට එනකොට හිටපු සහ අදටත් මේ ආයතනයේ ඉන්න හා අයින් වෙලා ගිය හැමෝම ආදරෙන් මතක් කරනවා. නම්වලින් කියන්න මම මේ වෙලාව වෙන් කරන්නේ නෑ. වචනෙකින් හරි මට උදව් උදව් කරපු හැමෝටම ස්තූතියි. ඒ වගේම ඒ උපදෙස් අවවාද වටිනවා. ඒ දේවල් නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මේ ගමනේ මම වැටුණු හැම තැනකම මා එක්ක අත්වැල් බැඳගෙන ආපු කෙනෙක් ඉන්නවා ඒ මගේ ආදරණීය බිරිය. ඇයවත් ආදරෙන් මම මතක් කරනවා.

 

සාකච්ඡාව - තෙරුණි ද සිල්වා

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060

 




3 Comments

Previous Post Next Post

POST ADS1

POST ADS 2