වර්තමාන තාක්ෂණය උසස් යැයි සිතා සිටින මිනිසාට වරින්වර ඉස්මතුවී පහර පිට පහර එල්ල කරමින් තමන්ගේ ශිෂ්ඨාචාරයන්වල විස්කම් මතුකරන පුරාවස්තූන් සැබැවින්ම අපව විස්මයට පත් කරනසුළුය.ඉතිහාසය අපට පෙන්වන ඔවුන්ගේ දැනුම , තාක්ෂණය ඉදිරියේ අප තවමත් නිරුත්තරයි.ඉතින් අද අපි ඔබට මේ කියන්නේ අතීතයේ සිටම අනේකවිධ දස්කම් විස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකයාගේ විද්‍යාත්මක දැනුම් පරාසය මනාවට පිළිබිඹු කෙරෙන නිර්මාණයක් පිළිබඳවයි.
වාරි තාක්ෂණය හරහා ජලය ගබඩා කිරීම , බෙදා හැරීම ආදී මෙකී නොකී කාර්‍යයන්වලට දේශීය ඉන්ජිනේරුවන් ද්‍රව තාක්ෂණය උපයෝගී කොටගත් අවස්ථා බොහොමයි.මෙවන් මහා පරිමාන ව්‍යාපෘති සඳහා මෙන්ම එදිනෙදා භාවිත කරන කුඩා උපකරණ සඳහාත් මෙම දැනුම ඔවුන් භාවිත කොට ඇති ආකාරය පුදුම සහගතයි.
12වන සියවසට අයත් වන , මහා පරාක්‍රමබාහු රජුගේ උපන් ස්ථානය සිහිවීමට ඉදිකළ ස්ථූපයක් ලෙස සැලකෙන දැදිගම කොට වෙහෙර මෙවන් සුවහසක් දැනුම් සම්භාරයක් පොදිබැඳගත් ශ්‍රී ලාංකිකයාගේ තවත් සුවිශේෂී නිර්මාණයකට සාක්ෂි සපයයි.1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතාගේ මූලිකත්වයෙන් සිදු කළ කැණීම්වලින් දැදිගම වෙහෙර සහ පූජා භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවිය.එහිදී ධාතු ගර්භය සිව් කොනේ පහන් 04ක් තැම්පත් කොට තිබූ බව සොයා ගෙන ඇත.ඉන් 02ක් මැටි පහන් වන අතර අනෙක ඇත් පහනක් සහ නෙළුම් පොහොට්ටුවට සමාන පහනකි.
මේ පහන් අතරින් ඇත් පහන සුවිශේෂී නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය.මෙය ඉහල සිට එල්ලීමට භාවිත කරන නයි පෙනය සහිත කොක්ක , බෙර වයන්නන්ගේ සහ නැට්ටුවන්ගේ රුව සහිත දම්වැල , ඇත් රුව , ඒ මත සිටින ඇත්ගොව්වන් , ඇතා මත අලංකාර කැටයම් සහිතව නිර්මාණය වූ මකර තොරණ , පහන් දැල්වීමට යොදා ගන්නා තැටිය ආදී ප්‍රධාන කොටස් කිහිපයකින් යුක්තයි.මෙය ලෝහ විද්‍යාව සහ භෞතික විද්‍යාව පමණක් නොව ද්‍රව විද්‍යාව පිළිබඳව පවා වූ හසල දැනුම පදනම් කරගෙන නිර්මාණය වුණු ලංකාවේ ඉතාමත් පැරණි නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකියි.සාමාන්‍ය පහනකට වඩා මදක් සංකීර්ණ ක්‍රියාකාරිත්වයක් සහිත මෙහි භාහිර පෙනුම පවා ඉතා විශිෂ්ට ස්වරූපයෙන් නිර්මාණය කිරීමට නිර්මාණකරුවා කටයුතු කොට තිබෙනවා.
වෙනත් පහන්වල ඉහල කොටසට තෙල් පිරවුවද මෙහිදී තෙල් පුරවන්නේ ඇතාගේ උදර කුහරයටයි.ඒ සඳහා ඇතාගේ දකුණු පාදය ඇතුළතින් උදර කුහරයට විවෘත වන නලයක් සිහින්ව ඇත් රූපයටම වාත්තු කර තිබෙනවා.මේ ආකාරයට ඇත් රූපය උඩුකුරුකොට පාදයේ ඇති නළය ඔස්සේ තෙල් පුරවා වෘත්තාකාර පහන් තැටිය මත රඳවනවා.දැන් ඔබට හිතේවි මේ ආකාරයට රැඳවූ පසුව ඇතාගේ උදරයට පිරවූ තෙල් සියල්ල නැවත වෘත්තාකාර පහන් තැටියට වැටේවි කියලා.නමුත් කිසිසේත්ම එසේ වන්නේ නම් නැහැ.
වෘතාකාර තැටියට තෙල් වෑස්සීම සිදු වන්නේ ඇතාගේ ලිංගය හරහායි.පාදයේ ඇති සිරුරේ විවරය දක්වා තෙල් වෑස්සෙන විට පොල්තෙල්වලින්ම එම සිදුර වැසී යන නිසා පහන් තැටියට ස්වයංක්‍රීයව තෙල්ගලා ඒම නවතිනවා.මෙනිසා පහනේ තෙල් උතුරා යාමක් සිදු වන්නේ නැහැ.ඒ වගේම මෙහි තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පහන්තිර යොදා ආලෝකය ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා.
ඉතාමත් සරල ක්‍රියාවලියක් සේ පෙනුනද මෙය බොයිල්ගේ නියමය , ජල ගතික විද්‍යාව , දුරස්ථිතික විද්‍යාව ආදී ඉතාමත් ගැඹුරු භෞතික විද්‍යා මූලධර්ම කිහිපයක්ම කැටිවූ අනර්ග නිර්මාණයකි.ආගමික වශයෙන් ගරු කිරීමක් වෙනුවෙන් යම් ස්ථානයක දැල්වීමට ඔවුන් මෙය නිර්මාණය කලා විය හැකිය.නැතහොත් අප සිතනවාටත් වඩා ලෝහ භාවිතය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් සහිත ඔවුන් මුද්‍රා තැබූ නිදන් ගර්භයේ ඔක්සිජන් මුක්ත කලාපයක් ඇති කිරීමට ඔක්සිජන් දවාලිය හැකි උපකරණයක් ලෙස නිසැකවම මෙය දල්වන්නට ඇත.කොට වෙහෙර නිදන් ගර්භය තුළ තිබූ ලෝහද්‍රව්‍ය නිරුපද්‍රිතව මෙතරම් කාලයක් පවතින්නට මෙම පහන් මහඟු කාර්‍යබාරයක් ඉටු කරන්නට ඇතුවාට කිසිඳු සැකයක් නැත.වර්තමාන විද්‍යාඥයන් පවා මවිතයට පත් කරන මෙවන් විද්‍යාත්මක නියමයන් ක්‍රියාත්මක වන විශ්මිත නිර්මාණ මීට වසර 900ට අධික කාලයකට පෙර ලංකාවේ පැරණි ඉන්ජිනේරුවන් අතින් නිර්මාණය වීම කෙතරම් නම් විශ්මයක්ද?
සාකච්ඡාව - මධූ ජයසිරි
මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.
දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.
Facebook: https://www.facebook.com/eceylonmagazine
Twitter: https://twitter.com/eceylonlk
YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg
Follow Our Website: https://www.e-ceylon.lk/
ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060